මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    65වන යුද හමුදා දිනයට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වැඩසටහනක්

    ඔක්තෝබර් 02, 2014

    65 වෙනි යුද හමුදා සංවත්සරයට සමගාමී ව යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආගමික වැඩසටහනක් අද (02) පෙ.ව. 08.00 සිට යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වේ.

    65වන යුද හමුදා දිනය වෙනුවෙන් සර්ව ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව ඊයේ (01) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසා සිටියේය.

     

    අභීත අතීතයකට හිමිකම් කියන ශ්‍රී ලංකා යුධ හමුදාව 1949 ඔක්තෝබර් 10 වන දින ආරම්භ කර තිබේ. පසුගියදා 65වන යුධ හමුදා දිනය වෙනුවෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආගමික වැඩසටහනක් දළදා මාලිගාවේදී ද පැවැත්වුණි.

     

    හෙට (02) පෙරවරුවේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින්වහන්සේ බැහැදැකීම හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට නියමිතය.

     

    යුද හමුදා ධජයන්ට ආශිර්වාද කිරීම, පිරිත් සජ්ඣායනය සහ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පුද පූජා පැවැත්වීම මෙම වැඩසටහනේ දී සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

     

    යුද හමුදාව වෙතින් ලබා දෙන පරිත්‍යාගයක්ද යුද හමුදාපතිතුමා විසින් අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින්වහන්සේ වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කරනු ලැබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya