මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ අධ්‍යයන කටයුතු ලබන වසරේ සිට

    ඔක්තෝබර් 02, 2014

    ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ අධ්‍යයන කටයුතු ලබන වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව කොතළාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යන අංශයේ නියෝජ්‍ය උප කුලපති (වැඩ බලන) මහාචාර්ය ඒ.එස්. කරුණානන්ද මහතා අද (01)  ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පවසා සිටියේය.

    මෙම දක්ෂිණ මණ්ඩපයේ පහත සඳහන් පාඨමාලාවන් සිසුන් වෙනුවෙන් ආරම්භ කිරීමට අපේක්ෂිතය.

         නිර්මිත පරිසර හා අවකාශීය විද්‍යා පීඨය

         වාස්තු විද්‍යාවේදී ගෞරව උපාධිය - වසර 05
         විද්‍යාවේදී නිර්මිත පරිසර ගෞරව උපාධිය - වසර 04
             විද්‍යවේදී නිර්මිත පරිසර උපාධිය. - වසර 03
         විද්‍යාවේදී ප්‍රමාණ සමීක්ෂණ ගෞරව උපාධිය - වසර 04
             විද්‍යාවේදී ප්‍රමාණ සමීක්ෂණ උපාධිය - වසර 03
         විද්‍යාවේදි මැනුම් විද්‍යා ගෞරව උපාධිය - වසර 04
             විද්‍යාවේදී මැනුම් විද්‍යා උපාධිය - වසර 03

         පරිගණක පීඨය

         විද්‍යාවේදී තොරතුරු තාක්ෂණය ගෞරව උපාධිය - වසර 04
         විද්‍යාවේදි තොරතුරු පද්ධති උපාධිය - වසර 04

     

    මේ වනවිටත් යම් ප්‍රමාණයක් ළමුන් බඳවාගෙන ඇති අතර මෙම වසරේ උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වූ පසු එම ළමුන්ටද මෙම පාඨමාලා සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇති බව මහාචාර්ය ඒ.එස්. කරුණානන්ද මහතා ප්‍රකාශ කළේය.

     

    එසේම මෙම පාඨමාලාවන් හදාරන සියලුම සිසුන් හට නොමිලේ ලැප්ටොප් පරිගණක, නොමිලේ නවාතැන් පහසුකම් සහ අනෙකුත් අධ්‍යාපන පහසුකම් ඇතුළු සහන රැසක් සපයනු ලබන බව තවදුරටත් ඔහු පවසා සිටියේය. පාඨමාලාවලට අදාළ ගෙවීම් සඳහා ණය පහසුකම්ද ලබා දීමට කටයුතු කරන බවත් වාරික වශයෙන්ද ගෙවීම් සිදු කිරීමට පහසුකම් සලසා දීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය උප කුලපතිවරයා අවධාරණය කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya