මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් නොයන සියලු දරුවන් 2015ට පෙර පාසල්වලට: ජාතික ව්‍යාපෘතිය ඇරඹෙයි

    ඔක්තෝබර් 02, 2014

    ශ්‍රී ලංකාවේ පාසල් නොගිය සියලු දරුවන් දෙසැම්බර් 31ට පෙරතුව පාසල්වලට ඇතුළත් කිරීමේ ජාතික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, තර්ස්ටන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී ඊයේ (01) පැවැත්විණි.


    සහශ්‍ර සංවර්ධන දර්ශකවල සැමට අධ්‍යාපනය ලබාදීමේදී රටක් විසින් සපුරා ගත යුතු ප්‍රධාන ම අරමුණක් වන්නේ පාසල් යා යුතු වයසේ සිටින සියලු දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමයි. ශ්‍රී ලංකාව දිගු කාලයක් අනුගමනය කළ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් වශයෙන් සාර්ක් කලාපය තුළ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම ඉහළින් ම වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවයි. අප රටෙහි පාසල්වලට සිසුන් ඇතුළත් වීමේ අනුපාතය 98.5%කි. නමුත් 1.5%ක් දරුවන් පිරිසක් පාසල් නොයන අතර මෙවර ලෝක ළමා දිනයේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉලක්කය වන්නේ මෙම වසරේ දෙසැම්බර් 31 දිනට පෙර මෙකී සියලු ම දරුවන්ට පාසල් අධ්‍යාපනය සඳහා අවස්ථාව සලසා දීමයි.


    දිසාපති කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඔස්සේ ග්‍රාමසේවා නිලධාරීවරයා ඇතුළු ගම් මට්ටමේ නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් පාසල් නොයන දරුවන් පිළිබඳ තොරතුරු ලබාගෙන පාසලක් සොයා දරුවා පාසල්ගත කිරීමේ කාර්යභාරය ඉටු කරයි.  අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ යන අමාත්‍යාංශ ඒකාබද්ධව මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    අද දිනයේ සංකේතවත් ලෙස සිසුන් 10 දෙනෙකු පාසල්වලට ඇතුළත් කිරීම සිදු වූ අතර ඔවුන් සඳහා අවශ්‍ය පාසල් උපකරණ බෙදාදීම ද මෙහිදී සිදු කෙරිණි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, ආර්. දුමින්ද සිල්වා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, අතිරේක ලේකම් යූ.එච්. ප්‍රේමතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya