මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර වැඩිහිටි දිනය වෙනුවෙන් සමාජ සේවා අමාත්‍යවරයාගේ පණිවිඩය

    ඔක්තෝබර් 01, 2014

    සාරධර්මවලින් පිරිපුන් ඉතිහාසයක් තිබෙන වැඩිහිටියන්ට සැලකීම, ගෞරව බුහුමන් කිරීම ආදී කෘතගුණ සැලකීම අතින් මුදුන් පත් ශ්‍රී ලාංකීය ජනසමාජයක්  තුළ වෙසෙන ඔබ මා ජාත්‍යන්තර වැඩිහිටි දිනය සමරන (ඔක්තෝබර් පළවෙනිදා) අද වැනි දිනක ‘කිසිවකු අත නොහරින එකම එක සමාජයක්’ යන තේමාව කර 2014 වර්ෂයේ ජාතික වැඩිහිටි දින උත්සවය නාවල ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී සමරනු ලබනවා. 

    අද ශ්‍රී ලංකාවේ 12% පමණ වන වැඩිහිටි ප්‍රතිශතය වර්ෂ 2025 වනවිට 24% වැඩි ප්‍රමාණයක්, 2050 වන විට මුළු ජනගහනයෙන් 50%ක්, මෙය දකුණු ආසියාවේ අන් රටවල් සමඟ සැසඳීමේදී ඉහළ ම වැඩිහිටියන්ගේ වර්ධනය බව කරන ලද අධ්‍යනවලින් හඳුනාගෙන තියෙනවා. මේ නිසා රට තුළ ඉදිරියේ දී යැපෙන්නන්ගේ ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් රටේ ආර්ථිකයට ඍජුව ම බලපෑමක් සිදු කළ හැකියි. මෙම අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණ දී තත්ත්වය අවම කර ගැනීම සඳහා වර්තමානයේ සිටම අප විධිමත් ක්‍රම වේදයක් ඔස්සේ සැලසුම් සහගත වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතිනවා. 

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ‘තම ජීවිතය දරුවන් වෙනුවෙන් රට දැය වෙනුවෙන් කැප කළ ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට තනි වෙන්නට මම ඉඩ නොතබමි.’ යන පරමාර්ථය පෙරදැරිව වයස 70ට වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසි අඩු ආදායම්ලාභී වැඩිහිටියන් දෙලක්ෂ පනස්දහසකට අධික ප්‍රමාණයකට මාසිකව රුපියල් දහසේ දීමනාව දැනටමත් ලබාදෙමින් පවතින අතර අනාගතයේදී වයස 70ට වැඩි අඩු ආදායම්ලාභී සියලු ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට මෙම රුපියල් දහසේ දීමනාව ලබා දීමට කටයුතු කරනවා. මෙහි මුලික පියවර වශයෙන් ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් පිළිබඳ සවිස්තරාත්මක සංගණනයක් සිදු කිරීමට සියලු වැඩකටයුතු යොදා තිබෙනවා. තවද වයස සීමාව නිසා විශ්‍රාම යන ජ්‍යේෂ්ඨ පුරවැසියන් බුද්ධියෙන් විශ්‍රාම නොයන අතර එම පරිණත බුද්ධිය හා අත්දැකීම් නැවත රටේ සංවර්ධනයට සක්‍රීය දායකත්වයක් ලබා ගැනීම පිණිස ස්වේච්ඡා වෘත්තීය සමාජගත සේවාවක් ලෙස ශ්‍රී ලාංකීය සමාජය තුළ ස්ථාපිත කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගීත්වය තුළින් ස්වේච්ඡා කටයුතු පිළිබඳ ජාතික මහලේකම් කාර්යාලයක් මෙම ඔක්තෝබර් මස 16 වන දින සමාජ සේවා අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කිරීමට නියමිත බව සතුටින් දන්වා සිටිමි.

     දැනට ශ්‍රී ලංකාව පුරා ක්‍රියාකාරී වැඩිහිටි කමිටු 11,379 ඇති අතර ඒවා ආර්ථික මට්ටමින්  ශක්තිමත් කිරීම සඳහා රජයේ කොන්ත්‍රාත් ලබා ගැනීමේ අවස්ථාව ලබාදීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා. මේ අනුව එයින් ලැබෙන ආදායමෙන් ප්‍රතිශතයක් වැඩිහිටි කමිටුවලට ලැබෙනවා. ඒ වගේම ස්‌වයං රැකියා සඳහා අවතීර්ණ වෙලා සිටින වැඩිහිටියන් හෝ වැඩිහිටි කණ්ඩායම් ඔවුන්ගේ නිෂ්පාදන අතරමැදියන්ගෙන් තොරව පරිභෝගිගයින්ට ඍජුව ම අලෙවි කිරීමට ලංකාවේ සියලු ම සුපිරි වෙළඳසැල් හා රජයේ සහ පළාත් පාලනය ආයතන මගින් පවත්වාගෙන යන වෙළඳසැල් තුළ වෙන්කරන ලද රාක්ක පවත්වාගෙන යාමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට හැකිවීම ඔබ ලද ජයග්‍රහණයක් බව සතුටින් දන්වා සිටිමි.

     
    ජීවිතයේ සැඳෑසමය ගතකරන වැඩිහිටියන් බොහෝ දෙනාගේ එක් සිහිනයක් වන්නේ තමන් අදහන ආගමක, මෙරට හෝ පිටරට ආගමික සිද්ධස්ථානයක් වන්දනා කිරීමයි. මෙය යථාර්ථයක් බවට පත්කිරීමට පියවර ගනිමින් පවතිනවා. මේ අනුව දඹදිව, තිරුපති, වෙලන්කන්නි, ජෙරුසලම, රෝමය, වතිකානුව, තායිලන්තය ඇතුළු රටවල් ගණනාවක සිද්ධස්ථාන වැඳපුදා ගැනීමේ අවස්ථාවක් හිමිවනවා පමණක් නො ව ඒ සඳහා වඩාත් ආරක්ෂා සහිතව, සහනදායි ගාස්තු අය කෙරෙන වැඩපිළිවෙළක් අපි සැලසුම් කර තිබෙනවා. අද පවතින තරගකාරී ජීවන රටාව නිසා ගෙදර තනිවන වැඩිහිටියන්ගේ හුදකලාව කාන්සිය අකා මකා දැමීමට ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය හරහා වැඩිහිටි කමිටු, වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන, වැඩිහිටි ගෘහ සත්කාරක සේවා ආරම්භ කළා. තවද නිසි ආදායම් මාර්ගයක් නොමැතිව අසරණ තනිවූ වැඩිහිටියන් සඳහා වැඩිහිටි ආවරණ කැපකරු ක්‍රමය ක්‍රියාත්මක වෙමින් පවතින අතර වැඩිහිටියකුගේ  කැපකරුවකු ලෙස පෙනී සිටීමට ජනතාවට අවස්ථාවක් අප ලබා දී තිබෙනවා. වැඩිහිටියන්ට සැලකීම පිළිබඳ දැනුවත් කිරීම් පාසල් මට්ටමින් ආරම්භකර තිබෙනවා. 

    වැඩිහිටි ප්‍රජාවගේ සැදෑසමය අර්ථවත් කරමින් ඔවුන්ගේ පරිණත බුද්ධිය හා අත්දැකීම් රටේ සංවර්ධනයට ඍජු දායකත්වයක් ලබා ගැනීම මාගේ අපේක්ෂාවයි.

    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya