මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර වැඩිහිටි දිනය සැමරුම් ජාතික උත්සවය නාවල ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී

    ඔක්තෝබර් 01, 2014


    අදට (01)ට යෙදෙන ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් ජාතික උත්සවය අද පෙ.ව 9.00ට නාවල ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.


    සමාජ‍ සේවා අමාත්‍ය  ෆීලික්ස් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් හා සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතාගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට නියමිතය.


    කිසිවෙකු අත නොහරින - එකම එක සමාජයක් යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර වැඩිහිටි දිනය සමරනු ලබයි.


     මෙම සැමරුම් උත්සවයේදී හොඳම ග්‍රාමීය වැඩිහිටි කමිටුව තේරීම සිදු කරන අතර වයස්ගත ම ජ්‍යේෂ්ඨ පුරවැසියන් දෙදෙනා හා වැඩිම දරුවන් සිටින මව සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම සිදු කෙරේ. 


     
    ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා විසින්, අපේ ජනශ්‍රැතිය හා වැඩිහිටියා නමින් ආරාධිත දේශනය සිදු කරනු ලබන අතර විවිධ සංස්කෘතිකාංග රැසක් මෙහිදී ඉදිරිපත් කිරීමටද කටයුතු සංවිධානය කර ඇත.



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya