මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණයක් බොහෝ දුරට ලබන වසරේ ජනවාරි මාසයේදී

    සැප්තැම්බර් 30, 2014

    ජනාධිපතිවරණයක් බොහෝ දුරට ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට අවධානය යොමු වී ඇති බවත් මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා බවත් ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (30) ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

     

    මේ පිළිබඳ නීතිමය ගැටලුවක් නැහැ. රජයේ හවුල්කාර පක්ෂ විවිධ ප්‍රකාශ කරනවා. කරු ජයසූරිය මහතාට මැතිවරණයකදී ප්‍රජාතන්ත්‍රවාදී අදහස් පැවතිය හැකියි. මේ පිළිබඳ ව ඔහු ජාත්‍යන්තරයෙන් හෝ ආසියාවේ විනිශ්චය මණ්ඩලවලින් අසා හෝ තීන්දුවක් දී ඇති බව විශ්වාස නොකරන බව පැවසූ අමාත්‍යවරයා ජනාධිපතිවරණයකින් නැවත මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් වුණාට පසු ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නේ නැතැයි යන්න පිළිගත නොහැකි බව ද පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya