මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් මෙතෙක් විදේශ කටයුතු අමාත්‍යංශයට ලැබී නෑ

    සැප්තැම්බර් 30, 2014

    බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා නිල වශයෙන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් විදේශ කටයුතු අමාත්‍යංශයට ලැබී නොමැති බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ අදහස් පැවසුවේ අද (30) ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. අදාළ සිද්ධිය නිසා බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි යන පුවතක් මේ වන විට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

    අදාළ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් එම අවස්ථාවේ දී ම විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගෙන් දූරකතනයෙන් විමසීමෙන් පසු ව නිල වශයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය ඒ ගැන දැනුවත් නොමැති බවත් එවැනි ඉල්ලා අස්වීමේ ලිපියක් විදේශ කටයුතු අමාත්‍යංශයට බාර දී නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya