මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ ප්‍රධානී ශ්‍රී ලංකාවේ සංචාරයක

    සැප්තැම්බර් 30, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආරාධනය පිළිගෙන ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (Organization of Islamic Cooperation (OIC)) මහ ලේකම් ඉයාඩ් අමීන් මදනි මහතා (Iyad Ameen Madani) ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා තානාපති කාර්යාල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසූ බව අරාබි ප්‍රවෘත්ති සේවා ප්‍රකාශ කරයි. 


    මෙය ඒ මහතාගේ ලංකාවේ සංචාරයක යෙදෙන ප්‍රථම අවස්ථාව බැවින් ඒ පිළිබඳ ඔවුන් ආඩම්බර වෙන බව නිලධාරියා පැවසූ අතර මදනි මහතාගේ සංචාරයට ප්‍රථම මූලික සංවිධානාත්මක කටයුතු සඳහා කණ්ඩායමක් කොළඹට ළඟා වීමට නියමිතය.

     

    පසුගිය මාසයේ ජෙඩාහිදී ශ්‍රී ලංකා තානාපති මොහොම්මඩ් හුසේන් මොහොම්මඩ් මහතා විසින් මදනි මහතා හමුවී ලේකම්තුමාගේ ශ්‍රී ලංකා සංචාරයේ වැඩසටහන පිළිබඳ සාකච්ඡාවක්ද පවත්වන ලදී.

     

    ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ සිවු දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය සමඟ එක්ව මෙම වැඩසටහන කොළඹදී පැවැත්වීමට සංවිධානය කිරීමට අපේක්ෂා කරති.

     

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට පරිබාහිර ව පසුගියදා මදනි මහතා හමු වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් ඉස්ලාමීය සංවිධානයේ මහ ලේකම් ලෙස මදනි මහතා පත්වීමෙන් පසු ව ශ්‍රී ලංකාව එම සංගමයේ රටවල් සමඟ වඩාත් පුළුල් වූ සහයෝගිතාවක් ඇති කර ගැනීමට බලාපොරත්තු වන බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පැවසුවේය. මදනි මහතා මහ ලේකම් ධූරයට පත් වූයේ 2014 ජනවාරි මාසයේදීය.


    “අප ශ්‍රී ලංකාව ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයට පිටස්තර රටක් ලෙස නොසලකමු” මදනි මහතා ජනාධිපති රාජපක්ෂ මැතිතුමාට පැවසුවේය. “අප එය ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය තුළ තිබෙන රටක් ලෙස සලකනු ලබනවා” ජනාධිපතිතුමා විසින් ගන්නා ලද “පුරෝගාමී පියවර” ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය අගය කරන බව පැවසූ මදනි මහතා එම සංවිධානය ශ්‍රී ලංකාව නොකඩවා අගය කරන අතර ශ්‍රී ලංකාව සහ ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් අතර සබඳතා වැඩිදියුණු කිරීමට සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

     

    එහිදී ශ්‍රී ලංකාවේ සත්‍ය තත්ත්වය සහ විවිධ ප්‍රජාවන් සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත් වන ආකාරය සියැසින් දැකබලා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපතිතුමා, මදනි මහතා සහ අනෙකුත් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් උනන්දු කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya