මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාව යාපනයෙන් රත්‍රං තොගයක් සොයාගනී

    සැප්තැම්බර් 30, 2014

    ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (29 ) යාපනය, මාදගල්තුරෙයි ප්‍රදේශයේ ඩිංගි යාත්‍රාවක සඟවා තිබූ රත්‍රං කිලෝ 01යි  ග්‍රෑම්ස්‌ 730ක්‌ සොයාගෙන ඇත.


    ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ උතුරු නාවික විදානයට අයත් හමුදා භටපිරිස් මෙම සොයා ගැනීම සිදු කර ඇත.


    ඩිංගි යාත්‍රාවක දැල් අතර සඟවා ඉන්දියාවට රැගෙන යාමට සූදානම් කර තිබෙන්නට ඇතැයි සැකකරන මෙම අත්අඩංගුවට ගන්නා ලද රත්‍රං තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 86ක් ඉක්මවන බව ද නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙම රත්‍රං තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා රේගු නිලධාරීන්ට භාරදීමට නියමිතය.

    NDH/mod

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya