මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පියයුරු පිළිකා: දැනුවත් කිරීමේ ජාත්‍යන්තර මාසය හෙට සිට

    සැප්තැම්බර් 30, 2014

    පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර මාසය හෙටින් (01) ආරම්භ වේ.


    පියයුරු පිළිකා වළක්වා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් සහිත චක්‍රලේඛයක් රට පුරා සියලු ම පළාත් හා ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යමණ්ඩල වෙත යැවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පියවර ගෙන ඇත.

    පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමෙන් එය සුවපත් කර ගත හැකි අතර ඒ සම්බන්ධයෙන් මෙරට කාන්තාවන්ගේ දැනුමක් නොමැතිකම නිසා පියයුරු පිළිකා රෝගීන් වැඩිපුර වාර්තා වීමට හේතු වන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    පියයුරු පිළිකාව මෙරට බොහෝ කාන්තාවන්ට වැළදී ඇති බවත් වාර්ෂිකව අලුතින් රෝගීන් 2500 දෙනකු පමණ වාර්තා වන බවත් එම අමාත්‍යාංශය පවසයි. ජාතික පිළිකා ලේඛනයේ දත්ත අනුව 1985 වසරේ සිට පියයුරු පිළිකා රෝගීන් අලුතින් හඳුනාගැනීමේ වැඩිවීමක් පෙන්නුම් කරන අතර මෙරට කාන්තාවන් අතුරින් අලුතින් හඳුනා ගත් පිළිකාවලින් 25%ක් ම පියයුරු පිළිකා බව වාර්තා වේ.

    කාන්තාවන් අතර මේ පිළිකා වර්ගය බහුල ව හඳුනාගත හැකිය. කලින් හඳුනා ගැනීමෙන් නිසි ප්‍රතිකාර කළ හැකි අතර ජීවිත අවදානම ද අවම කර ගත හැක. ස්වයං පියයුරු පරීක්ෂාව, සායනික පියයුරු පරීක්ෂාව, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන්, මැමෝග්‍රැෆි පරීක්ෂාව යනාදියෙන් මේ පිළිකා කලින් හඳුනාගැනීමේ හැකියාව ඇත.

    පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර මාසය ඔක්තෝබර් මාසයේ ක්‍රියාත්මක වන බවත් එහි ආරම්භක වැඩසටහන ජාතික පිළිකා මර්දන වැඩසටහන හා රුහුණු විශ්ව විද්‍යාලය සමඟ ඒකාබද්ධව රුහුණු විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී හෙට පැවැත්වෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya