මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධිත රණ විරුවන්ට රණ විරු සේවා අධිකාරියෙන් කෘත්‍රිම පාද

    සැප්තැම්බර් 29, 2014

    මාතෘ භූමිය වෙනුවෙන් ක්‍රියාන්විතයේ නිරත ව තම පාද අහිමි ව ආබාධිත තත්ත්වයට පත් වූ රණ විරුවන් 6 දෙනෙකු සඳහා කෘත්‍රිම පාද පරිත්‍යාග කිරීම සභාපතිනී පද්මා වෑත්තෑව මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (29) රණ විරු සේවා අධිකාරියේදී  සිදු කෙරිණි.


    රුපියල් 316,400ක වටිනාකමින් යුත් මෙම කෘත්‍රිම පාද කැලණිය පෙතියාගොඩ, බියගම පදිංචි ගාමිණී බී. හේරත් මහතාගේ පුතණුවන් හා දියණියන් වන දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි එස්.බී. හේරත් මහතා හා නිමේෂා හේරත් මහත්මිය විසින් පරිත්‍යාග කරනු ලැබූහ.

    මෙම කෘත්‍රිම පාද  ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැප්පෙටිගහ ලන්දෙහි පදිංචි ඩී.එච්.කේ.පී.කේ. සිල්වා රණ විරුවාට හා ශ්‍රී ලංකා යුද හමුදාවේ ඒ.එම්.එල්. ධම්මික ආරච්චි, වයි.එම්.ආර්.බී. සෙනවිරත්න, එස්.එම්. ජයන්ත සේමසිංහ, ගාමිණී බංඩාර සෙනෙවිරත්න හා පී.එම්.ටී. මනෝජ් යන රණ විරුවන් වෙත අද රණ විරු සේවා අධිකාරියේ පැවති චාම් උත්සවයකදී ගාමිණී බී. හේරත් මහතා හා එම මහත්මිය විසින් භාරදෙනු ලැබීය.

     

    මෙම අවස්ථාවේ අදහස් දැක් වූ රණ විරු සේවා අධිකාරියේ සභාපතිනී  පද්මා වෑත්තෑව මහත්මිය ජනාධිපතිතුමාගේ ඍජු මැදිහත්වීම මත සිය ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරියට පැමිණි රණ විරුවන් නිසා අද වන විට අපට මෙම නිදහස භුක්ති විඳීමට හැකි ව තිබෙන බවත් ඒ වෙනුවෙන් අප විසින් නිරන්තරයෙන් ම ආබාධිත තත්ත්වයට පත් මෙවැනි රණ විරුවන් රැකබලා ගත යුතු බවත් පවසා සිටියාය. මෙම කාර්යය සදහා අපගේ ම අය ඉදිරිපත්වීම පැසසිය යුතු කරුණක් බවද ඇය පවසා සිටියාය. 

    අදහස් දැක්වූ පරිත්‍යාගශීලීන්ගේ පියා වන ගාමිණී හේරත් මහතා මෙම පරිත්‍යාගය සිදු කිරීම සඳහා සෑහෙන කාලයක සිට තමන්ගේ සිතෙහි තිබුණ බවත් 1987 වර්ෂයේදී තමාගේ සහෝදරයෙකු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයෙකු ව සිටියදී මියගිය බවත් මෙහිදී අනාවරණය කර සිටියේය. තමන්ට මෙම සද්ක්‍රියාව කිරීමට අනගි සහයක් ලබාදීම සම්බන්ධයෙන් රණ විරු සේවා අධිකාරියේ සභාපතිනිය වෙත සිය ස්තූතිය පුදකළ හේරත් මහතා ඉදිරියේදී ද තම දරුවන් මාර්ගයෙන් මෙවැනි සත්කාරයක් කිරීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කර සිටියේය.

    ආබාධිත තත්ත්වයට පත් ව කෘත්‍රිම පාදයක් ලබාගත් රණ විරුවෙකු විසින් හේරත් පවුලේ සෑම දෙනාහට ම මෙහිදී සිය කෘතඥතාව පළ කර සිටියේය.

    NDH/mod

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya