මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් සෑම ළමා ඉතුරුමකට ම තෑග්ගක්

    සැප්තැම්බර් 29, 2014
    ඔක්තෝබර් මස 01 වන දිනට යෙදී ඇති ලෝක ළමා දින සැමරුම නිමිත්තෙන් ඉසුරු උදාන හා සිසු උදාන ළමා ඉතුරුම් ගිණුම්වල මුදල් ඉතිරි කරන සියලු ම දූදරුවන් වෙත වටිනා තෑගි රැසක් ලබාදීමට මහජන බැංකුව පියවර ගෙන ඇත.
     
    ශ්‍රී ලාංකේය ජනතාවට පනස් තෙවසරක් පුරා බැංකු හා මූල්‍ය පහසුකම් සමීප කළ මහජන බැංකුව කුඩා බිළිඳාගේ සිට ජ්‍යේෂ්ඨ පුරවැසියා දක්වා විවිධ වයස් කාණ්ඩවලට ගැළපෙන ගිණුම් හඳුන්වාදී ඇත.

    මෙම වැඩපිළිවෙළ යටතේ ඉසුරු උදාන ගිණුමක තැන්පත් කරන මුදල් ප්‍රමාණය අනුව ටෙඩි බෙයාර්ස්, පින්තූර පාටකරන පොත්, ළමා ගී පොත්, පැන්සල් පෙට්ටි, කෑම පෙට්ටි, පාට පෙට්ටි, බෑග්, බිල්ඩින් බොලොක්ස් කට්ටල, රූප ප්‍රහේළිකා කට්ටල, සෙල්ලම් පීරිසි කුට්ටම් කට්ටල යනාදී ලෙස ද රුපියල් 10,000ක් දක්වා වටිනා ඉසුරු උදාන තෑගි වවුචර ද පිරිනැමේ. මහජන බැංකුවේ සිසු උදාන ගිණුමක මුදල් තැන්පත් කරන සිසුදරුවෙකුට ද අභ්‍යාස පොත් කට්ටල, මේස ඔරලෝසු, පාසල් බෑග්, පෙන් ඩ්‍රයිව් වැනි තෑගි භාණ්ඩ ඇතුළු ව රුපියල් 10,000 දක්වා වටිනා පීපල්ස් ගිෆ්ට් තෑගි වවුචර මෙසේ පිරිනැමේ. 
     
    ඔක්තෝබර් 01 වන දින සිට 31 දක්වා ගිණුම් ආරම්භ කරන හෝ මුදල් තැන්පත් කරන ඉසුරු උදාන හා සිසු උදාන ගිණුම් සඳහා මෙම ත්‍යාග හිමිවේ. මීට අමතර ව එම කාල සීමාව තුළ තැන්පත් කරන සෑම ඉතුරුමකට ම ත්‍යාගයක් ලබාදීම ද විශේෂත්වයකි. 
     
    ECB

    isuruudana2
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya