මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින වටා

    සැප්තැම්බර් 30, 2014

    අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින වටා ස්ථාපිත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද (30) උදෑසන 05.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී  දිවයින පුරාම පාහේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    ගාල්ල සහ කොළඹට ත්‍රිකුණාමලයට යාපනයට මන්නාරමට අනුරාධපුරයට මඩකළපුවට නුවරඑළිය, මහනුවර සහ රත්නපුරයට අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 33.6ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 30.6ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 53.3ක වර්ෂාපතනයක් ගාල්ලෙන් ද මි.මී. 20.8ක වර්ෂාපතනයක් කටුනායකින් ද මි.මී. 36.3ක වර්ෂාපතනයක් මහඉලුප්පල්ලමින් ද මි.මී. 20.8ක වර්ෂාපතනයක් මන්නාරමෙන් ද මි.මී. 33.9ක වර්ෂාපතනයක් පුත්තලමෙන් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.°C අනුරාධපුර හා රත්නපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.5°C අනුරාධපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.1°C නුවරඑළියෙන් ද මි.මී. 124.3ක උපරිම වර්ෂාපතනය මැඩියාව ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya