මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අටවන සිඩෝ වාර්තාව සැකසීමට රාජ්‍ය නොවන සංවිධානවල අදහස් විමසයි

    සැප්තැම්බර් 26, 2014

    සිඩෝ (CEDAW) සම්මුතිය හෙවත් ‘කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ ම වෙනස්කොට සලකනු ලැබීම ඉවත් කිරීම පිළිබඳ ප්‍රඥප්තිය’ (‘Committee on the Elimination of Discrimination against Women’) වෙනුවෙන් 2015 වසරේ දී ජිනීවාහි පැවැත්වීමට නියමිත මීළඟ සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාතික වාර්තාව සැකසීමට රාජ්‍ය නොවන සංවිධානවල  අදහස් විමසීමට පියවර ගැනේ.


    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1979 වසරේ සම්මත කර ඇති සිඩෝ ප්‍රඥප්තිය සඳහා ශ්‍රී ලංකාව 1980 වසරේ දී නිල වශයෙන් අත්සන් තබා ඇත. 
     වසර හතරකට වරක් පවත්වන සිඩෝ සමුළුව අවසන්වරට 2011 ජනවාරි 17 දින ජිනීවාහි පවත්වා තිබේ.


    මේ අනුව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මෙම වාර්තාව සැකසීමෙහිලා රාජ්‍ය පාර්ශවයෙන් මුලිකව කටයුතු කරන අතර, ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධානවල අදහස් විමසීමට එම සංවිධානවල නියෝජිතයන් සමඟ හමුවක් ඊයේ (25) සෙත්සිරිපාය, දෙවන අදියර, ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එම අමාත්‍යාංශයේ ලේකම් එරික් ඉලයප්ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ජාව පැවැත්විණි. 


    කාන්තාව හා ගැහැනු ළමයින්ට එරෙහි ව සියලු ම ආකාරයේ වෙනස්කම් එනම් රැකීරක්ෂා, තීරණ ගැනීම්, ඉඩම් අයිතිය, ලිංගික හා ප්‍රජනන, අධ්‍යාපන, පවුලේ සිදුවන හිංසනය, දේශපාලන තත්ත්වය ඇතුළු ව කාන්තාවන්ට ‍එරෙහි වෙනස් හිංසන ක්‍රම වැනි‍ බොහෝ ක්ෂේත්‍රයන්හි ඇති අවාසි සහගත හා අසමානතා තත්ත්වයන් සිඩෝ සම්මුතියෙන් දුරුකිරීම ප්‍රධාන අරමුණ වේ. මේ‍ ආදී කරුණු සඳහා රාජ්‍ය නොවන පාර්ශවයන්ගෙන් කාන්තා ප්‍රගතියට අදාළ ව ගෙන ඇති විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු ද ‍ඇතුළත් ජාතික වාර්තාවක් සකස් කිරීම මුලික අරමුණ කොටගෙන මෙම සාකච්ජාව පැවැත්විණි. 

                                                                                                                           

    මීළඟ සිඩෝ සමුළුව සඳහා සකස් කෙරෙන මෙම වාර්තාව සම්බන්ධයෙන් රාජ්‍ය පාර්ශවයෙන් සිදු කර ඇති කාර්යභාරය මෙන් ම විශේෂයෙන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් ක්‍රියාකර ඇති ආකාරය පිළිබඳව ද මෙහි දී අදහස් හුවමාරු කර ගැනිණි.


    එමෙන්ම මේ සඳහා රාජ්‍ය පාර්ශවයේ කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අමාත්‍යාංශ 11ක නියෝජිතයන් සහභාගී වූ වැඩසටහනක් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් ජුලි මස ඉහත ස්ථානයේදී ම පැවැත්විණි.


    කාන්තාවන්ගේ ආරක්ෂාව, රැකවරණය හා අයිතිවාසිකම් තහවුරු කරමින් කාන්තා සංවර්ධනය සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මඟින් සිදු කර ඇති කාර්යභාරය පිළිබඳ කරුණු විමසීම සඳහා ඒ සම්බන්ධයෙන් වන අවසන් සාකච්ජාවක් රාජ්‍ය හා රාජ්‍ය නොවන දෙපාර්ශවයේ ම නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඉදිරියේ දී පැවැත්වෙන බව ඊයේ පැවති රැස්වීමේ දී අනාවරණය විය.


    මේ අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA), UN Women, Women & Media Collection, Institute of Human Rights, Neelan Tiruchelvem Trust, Lanka Mahila Samithi  යනා දී ජාත්‍යන්තර ස්වේච්ඡා සංවිධාන හා මෙරට රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතවරු පැමිණ සිටියහ.


    ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් සැලසුම් අංශයේ අධ්‍යක්ෂ ජේ.පී.එස්. ජයසිංහ, ජාතික කාන්තා කමිටුවෙහි සභාපතිනී ස්වර්ණා සුමනසේකර, එහි විධායක අධ්‍යක්ෂිකා එම්.ඒ. අනුලා ඉන්ද්‍රනි යන මහත්ම මහත්මීහු ඇතුළු අමාත්‍යංශයේ සෙසු නිලධාරිහු ද සහභාගී වුහ.



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya