මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක විශ්වවිද්‍යාල අධ්‍යයන පාඨමාලා ගැන දැනගන්න හෙට එන්න

    සැප්තැම්බර් 26, 2014

    ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය එම විශ්විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ගැන දැන ගැනීමට හැකිවන ආකාරයෙන් හෙට (27) පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා මහජනතාව සඳහා විවෘත කර තබනු ඇත.


    ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් පරිදි අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ සංකල්පයට උරදීමක් ලෙස ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා එහි සියලු ම පීඨයන් සාමූහික ව සිදු කරන මෙහෙවර හා විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සිසු සිසුවේයන්ට ලැබෙන නව පහසුකම්, අනෙකුත් අධ්‍යාපන ආයතනයන්ගෙන් නොලැබෙන විශේෂ වරප්‍රසාදයන් පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙසේ මහජනතාවට විවෘත කර තබයි.

    ඒ අනුව විශ්වවිද්‍යාලයේ පාඨමාලා හැදෑරීමට කැමැත්තෙන් පසුවන මෙවර අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වුවන් වෙනුවෙන් හා දෙමාපියන් වෙනුවෙන් මෙදින විශ්වවිද්‍යාලයේ පාඨාමාලා සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ සාකච්ඡා කිරීමට මෙන් ම විශ්වවිද්‍යාලයේ පහසුකම් පිළිබඳ ව සොයාබැලීමේ අවස්ථාව හිමි වේ.

    විශ්වවිද්‍යාලය හරහා ක්‍රියාත්මක වන පාඨමාලා සම්බන්ධයෙන් ජනතාවගේ දැනුවත් භාවය මදකම හේතුවෙන් අවස්ථා අහිමිවන බැවින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya