මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බණ්ඩාරනායක 55 වැනි ගුණසමරු උළෙල උත්කර්ෂවත්ව Featured

    සැප්තැම්බර් 26, 2014


    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ 55 වැනි ගුණසමරු උළෙල අද (26) අත්තනගල්ල, හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල දී පැවැත්විණ.

     

    දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ සමාධිය අසල දී පුෂ්පෝපහාර දැක්වීමක් පැවැත්වුණු අතර, ඊට සමගාමී ව රෝද පුටු බෙදාදීම ඇතුළු සමාජ සත්කාරක වැඩසටහනක් ද පැවැත්විණ. පාසල් තූර්ය වාදක කණ්ඩායම් හා ශිෂ්‍ය භට බලකා ආචාර්ය පෙළපාළි මධ්‍යයේ මෙම ගුණසමරු උළෙල ආරම්භ විය.

    ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමිපාණන් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ, කැලණිය විශ්වවිද්‍යාල‍යේ කුලපති, විද්‍යාලංකාර පරිවේනාධිපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමිපාණන් වහන්සේ, අත්තනගල්ල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය පන්නල ආනන්ද හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය ද,  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු බණ්ඩාරනායක පවුලේ ජාතීන් ද, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරූ ජයසූරිය, රවී කරුණානායක යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරුන් ද ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ද සහභාගි ව සිටියහ.



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya