මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෘහස්ථ හිංසන වැළැක්වීම සඳහා නීති සැකසීමට භූතානය ශ්‍රී ලංකාවෙන් ආදර්ශ ගනී

    සැප්තැම්බර් 26, 2014

    ගෘහස්ථ හිංසනය වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනට අනුගමනය කරන නීති හා ක්‍රමවේදයන් අධ්‍යයනය කරමින් අදාළ ආදර්ශ ලබාගෙන ඒ සම්බන්ධයෙන් නීති සැකසීම අරමුණු කරගනිමින් භූතාන රජයේ නියෝජිත පිරිසක් දිවයිනට පැමිණ සිටිති.


    ගෘහස්ථ හිංසනය වැළැක්වීම සඳහා භූතානය තුළ මෙතෙක් විධිමත් ලෙස සකසා සම්මත කරගත් නීති අණපනත් නොවන අතර, ඒ සඳහා ආසියානු කලාපයේ රටවල් අතුරින් සාර්ථක ක්‍රියාමාර්ග අනුගමනය කරන ශ්‍රී ලංකාවෙන් ආදර්ශ ලබා ගැනීමට භූතාන රජය පියවර ගෙන තිබේ.


    මේ අනුව නීති, සෞඛ්‍ය, කාන්තා අභිවෘද්ධි වැනි ආයතනවල නිලධාරීන්ගේ නියෝජනයෙන් යුත් හය දෙනෙකුගෙන් සමන්විත මෙම භූතාන නියෝජිත පිරිස ගෘහස්ථ හිංසනය වැළැක්වීම සම්බන්ධයෙන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය ගෙන ඇති පියවර හා එය ක්‍රියාත්මක කරන අයුරු පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා පසුගියදා සෙත්සිරිපාය පිහිටි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට පැමිණියේය.


    ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එරික් ඉලයප්ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී ගෘහස්ථ හිංසනය වැළැක්වීම සඳහා 2005 වසරේ සිට මෙරට ක්‍රියාත්මක වන නීතිමය තත්ත්වයන් හා එහි දී ප්‍රායෝගික වශයෙන් පැන නැගී ඇති ගැටලු සහ ඒ සඳහා ලබා දී ඇති විසඳුම් මෙන් ම ශ්‍රී ලංකා රජය මෙරට කාන්තාවගේ ආරක්ෂාව, රැකවරණය හා නිදහස ඇතුළු අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහි දී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

     

     එමෙන් ම විවිධ හේතු නිසා අසරණභාවයට පත්වන කාන්තාවන් වෙනුවෙන් ඉදිකර ඇති රැකවරණ මධ්‍යස්ථාන (Safe Home) නිරීක්ෂණය කිරීමටත් ඊට අමතර ව මෙරට ප්‍රධාන පෙළේ කාන්තා සංවිධාන පිළිබඳ අධ්‍යයනය කිරීම ද අරමුණු කරගනිමින් අද දින (26) එම භූතාන නියෝජිත පිරිස ක්ෂේත්‍ර චාරිකාවකට ද සහභාගි වෙයි.


    මීට අමතර ව ඔවුන් මෙරට අධිකරණ සහ සෞඛ්‍ය යන අමාත්‍යාංශෙවල හා පොලිස් දෙපාර්තමේන්තුව මෙන්ම පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශ යන ආයතනවල අදාළ නිලධාරීන් හමු වී ගෘහස්ථ හිංසන වැළැක්වීම සඳහා මෙරට ක්‍රියාත්මක වන නීතිමය තත්ත්වයන් පිළිබඳ කරණු අධ්‍යයනය කිරීමට නියමිතය.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya