මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    1919 අදාළ සියලු ම අන්තර්ගතයන් ඇතුළත් ජංගම දූරකතන යෙදවුමක්

    සැප්තැම්බර් 26, 2014

    රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට (1919) අදාළ සියලු ම අන්තර්ගතයන් ඇතුළත් ජංගම දූරකතන යෙදවුමක් (mobile app) ළඟදීම ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.


    ඒ අනුව  1919 - ජංගම දූරකතන අන්තර්ගතයන් ඇතුළත් යෙදවුම නොමිලේ බාගත කර ගැනීමේ හැකියාව ඕනෑ ම පුද්ගලයෙකුට ලැබෙන අතර එමගින් අතිරේක පිරිවැයකින් තොර ව ඕනෑ ම අවස්ථාවක සිය ජංගම දූරකතනය තුළින් ම රාජ්‍ය ආයතනවලින් සපයන සේවා පිළිබඳ තොරතුරු හා උපදෙස් ලබා ගැනීමට හැකි වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරි රෙෂාන් දේවපුර මහතා ප්‍රකාශ කරයි.


    මෙරට ජනගහනයට සාපේක්‍ෂව ජංගම දූරකතන භාවිත වන ඉහළ ප්‍රතිශතය සැලකිල්ලට ගෙන 1919 ජංගම දූරකතන අන්තර්ගතයන් ඇතුළත් යෙදවුම ප්‍රකාශයට පත් කිරීමට ICTA ආයතනය තීරණය කර ඇත.


     ඉදිරියේ දී රාජ්‍ය ආයතනවලින් ලබා ගන්නා සේවා සඳහා මුදල් ගෙවීමේ හැකියාවද 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මඟින්ම ලබා දීමට ICTA ආයතනය සැලසුම් කර ඇත.
    රටපුරා අට වසරක් සම්පූර්ණ කළ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නොබෝදා  රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට පිවිසි අතර එහිදී ඉහත තොරතුරු අනාවරණය විය.


    එහිදි  මාධ්‍යවේදීන් ඇමතූ රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය රාජ්‍ය අංශයේ ආචාරශීලි භාවය ඔප් නැංවීමට සිදු කළ මෙහෙය අගය කළේය. වසරේ සෑම දිනක ම මහජන ඇමතුම් සඳහා 1919 විවෘතව පැවතීම විශේෂ සිද්ධියක් බවත්, මේ රටේ ඕනෑ ම භාෂාවක් කතා කරන පුද්ගලයකුට කිසිදු පැකිලිමකින් තොර ව 1919 ඇමතිමෙන් අවශ්‍ය සේවා ලබා ගැනීමට ද හැකියාව ඇතැයි රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


    1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මෙරට රාජ්‍ය අංශය තුළ තොරතුරු තාක්‍ෂණය භාවිතා කිරීමේ හැරවුම් ලක්‍ෂය බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති හා ජනාධිපති උපදේශක මහාචාර්ය පී.ඩබ්ලිව්. ඈපාසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය. ICTA ආයතනයට එම දැවැන්ත අභියෝගය ජය ගැනීමට නායකත්වය දුන් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ සේවය අගය කළ හෙතෙම රාජ්‍ය ආයතන පිළිබඳ මහජන දුක්ගැනවිලි සොයා බැලීමද දැන් 1919 තුළින් සිදුවන බවද ඈපාසිංහ මහතා වැඩිදුරටත්  මෙහිදී   ප්‍රකාශ කළේය.


     1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවා සැපයුම්කරුවන් වශයෙන් තෘප්තිමත් සේවාවක් සැපයීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කටයුතු කර ඇතැයි එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලලිත් ද සිල්වා මහතා ප්‍රකාශ ක‍ළේය. මෙම නිරීක්‍ෂණ චාරිකාවට අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා ද සහභාගි විය.

     


    1919 - රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට www.gic.gov.lk  වෙබ් අඩවිය ඔස්සේ පිවිසිය හැකිය. රාජ්‍ය අංශය මහජනතාවට වඩාත් සමිප කරවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය පිහිටු වනු ලැබිණ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya