මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොම්පඤ්ඤ වීදිය ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය අදියර 11

    සැප්තැම්බර් 25, 2014

    නාගරික සංවර්ධන අධිකාරිය මඟින් පසුගිය කාලය තුළදී කොළඹ නගරයේ ආයෝජන අවස්ථා ජනනය කරන ව්‍යාපෘතීන් ගණනක් ක්‍රියාත්මක කර ඇති අතර මේ යටතේ අඩු පහසුකම් ජනාවාසවල පදිංචිව සිටින පවුල් 65,000ක් පුනස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ඉන් ප්‍රධාන තැනක් ගනී. 


    මෙම ව්‍යාපෘතිය සඳහා රජයට අධික පිරිවැයක් දැරීමට සිදු ව ඇති හෙයින් පෞද්ගලික අංශයේ මූල්‍ය ආයෝජනයෙන් මහල් නිවාස ඉදිකර දීමේ වැඩපිළිවෙළකට මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය යොමු වී ඇති බව ඊයේ (24) කොළඹ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී නාගරික සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ උපදේශක වීරසේන අධිකාරී මහතා පැවසීය.

     

    මෙහි එක් නියමු ව්‍යාපෘතියක් ලෙස කොම්පඤ්ඤ වීදියේ ඇති නාගරික සංවර්ධන අධිකාරියට, දුම්රිය දෙපාර්තමේන්තුවට හා පුද්ගලික අයිතියෙහි පවතින ස්ටේෂන් පැසේජ්හි ඇති අක්කර 03 රූඩ් 01ක් පමණ වූ අඩු පහසුකම් සහිත ජනාවාස භූමිය තෝරාගෙන ඇත. මෙහි පුද්ගලික අයිතියේ පවතින බිම් කොටස් කාලයක සිට අනු බෙදුම්වලට ලක් ව අද වන විට නිරවුල් අයිතියක් නොමැති කුඩා බිම් කැබලි බවට පත් ව ඇත. මෙහි මූලික පහසුකම්වත් නැති නිවාස 119ක් හා ව්‍යාපාරික ස්ථාන 03ක් ඇති අතර ඔවුන්ට ඒවා තනි තනි ව සංවර්ධනය කළ නොහැකි තත්ත්වයක පසු වේ. ඒ නිසා එය තනි භූමියක් ලෙස ගෙන ප්‍රශස්ත ලෙස සංවර්ධන කටයුතුවල යෙදවීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීම අත්‍යවශ්‍යව තිබුණි.



    මෙම අඩුපහසුකම් ජනාවාසයෙහි සිටින ජනතාව දැනුවත් කර ඔවුන්ගේ එකඟතාව ඇති ව ඔවුන් සඳහා පෞද්ගලික අංශයෙහි මූල්‍ය දායකත්වය මත මහල් නිවාස ඉදිකර දී නිදහස් වන ඉඩම් එලදායි සංවර්ධනයක යෙදවීම සඳහා ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියට අනුව එකී මහල් නිවාස ඉදිකිරීම පිණිස යාබද ව පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් අක්කරයක් පමණ වූ ඉඩම ලබා දීමට එකඟ වී ඇත. එසේ ම ඉදිකිරීම් සඳහා එම ඉඩම නිදහස් කර ගනු පිණිස දැනට ඇති පැරණි දුම්රිය නිල නිවාස 28හි පදිංචි අයවලුන්ට මාසික කුලියක් ගෙවා මාස 18ක කාලයක් සඳහා එකී ස්ථානයෙන් ඉවත් කරනු ලැබීය. දුම්රිය අධිකාරියේ මෙම ඉඩමට හිලව් වනසේ නිවාස 38ක් එකී දෙපාර්තමේන්තුව විසින් ඉල්ලුම් කර ඇති අතර ඉතුරු බිම් කොටසෙහි අනෙකුත් පදිංචිකරුවන් සඳහා සියලු පහසුකම්වලින් යුත් වර්ග අඩි 400ට අඩු නොවූ පුනස්ථාපන නිවාස 119කින් යුත් මහල් නිවාස හා ව්‍යපාරික ස්ථාන පෞද්ගලික අංශයේ මුල්‍ය ආයෝජනයෙන් මේ වන විට ඉදි කරමින් පවතී.

    ව්‍යාපෘතිය පහසු කරනු වස් නාගරික සංවර්ධන අධිකාරිය විසින් පදිංචිකරුවන් සිටින භූමිය අත්පත් කරගෙන විකල්ප නිවාස සැපයීමෙන් අනතුරු ව නිදහස් වන භූමිය ආයෝජකයා වෙත බදු දිය යුතු අතර එම ඉඩම තනි ඒකකයක් ලෙස ගෙන සුදුසු සැලසුම් නිර්මාණයකට අනුව බහු මහල් නිවාස හෝ වාණිජ භාවිතයන්ට යොදාගෙන ඒ තුළින් ආයෝජන වියදම් පියවා ගැනීමට ඉඩ සැලසිය යුතු වේ. මෙය උපාය මාර්ගික වශයෙන් සංවර්ධකයාට මෙන් ම පදිංචිකරුවන් යන පාර්ශව දෙකට ම ප්‍රතිලාභ අත්කර ගත හැකි වැඩපිළිවෙළකි.

    ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වී ඇති පාකිස්තානු සමාගමක් වන “ඉම්පීරියල් බිල්ඩර්ස් පුද්ගලික සමාගම” ස්වකීය මුල්‍ය ආයෝජනයෙන් මෙම කොම්පඤ්ඤ වීදිය ප්‍රතිසංවර්ධනය 11 ව්‍යාපෘතිය සඳහා එකඟතාව පළ කර ඇත. නාගරික සංවර්ධන අධිකාරිය සමඟ මෙම සමාගම අව‍බෝධතා ගිවිසුමකට ද එළඹ ඇති අතර ඒ අනුව මෙකී සමාගම විසින් දුම්රිය නිල නිවාසවල පදිංචි 28 දෙනාට නිවාස සපයා ගැනීම සඳහා මාස 18ක කුලියක් ද ගෙවන ලදී.

    දුම්රිය දෙපාර්තමේන්තුව වෙත නිවාස 38ක් හා ව්‍යාපාරිකයන් සඳහා ව්‍යාපාරික ස්ථාන 03ක් ඇතුළු ව නිවාස ඒකක 119කින් සමන්විත නිවාස සංකීර්ණයක් ලබාදීමත් මුළු ව්‍යාපෘති භූමිය තුළ අභ්‍යන්තර ප්‍රවේශ මාර්ග, යටිතල පහසුකම්, භූ දර්ශන ස්ථාන හා පොදු ස්ථාන සංවර්ධනය කිරීම යන කටයුතු සිදු කරනු ලබයි.


    නාගරික සංවර්ධන අධිකාරිය විසින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමෙන් හා ඉඩම් අත්පත් කර ගැනීමෙන් පසු අක්කර 01ක් පමණ වූ බිම් කොටස සමාගමට දැරීමට ‍සිදු වන වියදමට හා කැපකිරීම්වලට හිලව් වන සේ බදු ප්‍රතිෂ්ඨාවකින් තොරව වසර 50ක් දක්වා බදු දීමට එකඟ වේ.

    ව්‍යාපෘතියේ මූලික පියවර වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය හා “ඉම්පීරියල් බිල්ඩර්ස් සමාගම” විසින් පදිංචිකරුවන් දැනුවත් කිරීම කරනු ලැබ ඇති අතර නාගරික සංවර්ධන අධිකාරිය විසින් අදාළ ඉඩම අත්පත් කර ගැනීමේ කටයුතු ආරම්භ කර ඇත. එසේ ම එකී සමාගම විසින් දේශීය ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයක් මඟින් සැලසුම් නිර්මාණය කොට ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී. පදිංචිකරුවන් සඳහා ඉදිකිරීමට නියමිත මහල් නිවාස සහ දුම්රිය නිල නිවාස 38ක් සඳහා පමණක් ශ්‍රී ලංකා රුපියල්‍ බිලියනයක වියදමක් සමාගමට දැරීමට සිදු වේ. ව්‍යාපෘති භූමියේ මුළු සංවර්ධනය සඳහා වැයවෙතැයි ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 11ක් ලෙස ගණන් බලා ඇත. මේ තුළින් රජයට වැය බරක් නොමැති ව රට තුළ නව රැකියා අවස්ථා, කාර්මික ශිල්පිය දැනුම හුවමාරුව හා ඉදිකිරීම් කේෂ්ත්‍රයේ නව පිබිදීමක් ඇති වීම වැනි සමාජ ප්‍රතිලාභයන් රැසක් ම අත්වේ.


    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya