මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ බොහෝ පළාත්වලට ගිගුරුම් සහිත වැසි

    සැප්තැම්බර් 25, 2014

    අද (25) අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ පළාත්වල තැනින්තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.


    අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    යාපනය, අනුරාධපුරය, මඩකළපුව, නුවරඑළිය, මහනුවර සහ රත්නපුරයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    මන්නාරමට ගාල්ල සහ කොළඹට සන්ධ්‍යා කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.


    ත්‍රිකුණාමලයට අපරභාගයේදී  හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 36.9ක වර්ෂාපතනයක් මහ ඉලුප්පල්ලමින් ද මි.මී. 23.1ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 31.3ක වර්ෂාපතනයක් රත්නපුරයෙන් ද මි.මී. 17.3ක වර්ෂාපතනයක් බණ්ඩාරවෙලින් ද මි.මී. 11.6ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.°C ත්‍රිකුණාමලය සහ අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.7°C වවුනියාව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.5°C නුවරඑළියෙන් ද මි.මී. 64.8ක උපරිම වර්ෂාපතනය මහියංගනය ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya