ඔවුහු දෙරට අතර ඉතා වැදගත් යුධ හමුදා - යුධ හමුදා සම්බන්ධතාවන්ට එළඹුණු අතර ශ්‍රී ලංකේය යුධ හමුදාවේ විවිධ ක්ෂේත්‍ර සමඟ උපයෝග්‍ය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට චීන යුධ හමුදාව කැමැත්තෙන් පසුවන බව ෂු චිලියැන් මහතා චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට ආචාර කරමින් ප්‍රකාශ කෙරීය.
පසුගිය සතියේ චීන ජනාධිපති ශී චින්පින් මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරයේදී එතුමා හා ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දෙරට අතර ක්‍රමෝපාය සහයෝගීතා හවුල ශක්තිමත් කරගැනීමට එකඟ වූහ.
යුධ හමුදා-යුධ හමුදා සම්බන්ධතා ඉහළ නංවා ගැනීමට සහයෝගීතාව වර්ධනය කරගැනීමට ශ්‍රී ලංකාව නොකඩවා ක්‍රියාකරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.