මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන කටයුතු ඩිජිටල්කරණයට ජපාන සහය

    සැප්තැම්බර් 23, 2014

    සන්නිවේදන තරංග සංඛ්‍යාතයන් ඵලදායී ලෙස භාවිතය ප්‍රවර්ධනය කිරීම තුළින් සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට ම තොරතුරු සඳහා ප්‍රවේශවීමේ හැකියාව වර්ධනය කිරීම පිණිස රූපවාහිනී විකාශන කටයුතු ඩිජිටල්කරණය කිරීමටත්, ඒ සඳහා ජපානයේ දැනට භාවිත වන ISBT-T තාක්ෂණය යොදා ගැනීමටත් රජය විසින් කටයුතු යොදා ඇත.


    මේ යටතේ මෙරට සෑම ක්ෂේත්‍රයක ම ඩිජිටල් තාක්ෂණය භාවිතය ප්‍රවර්ධනය කෙරෙන අතර, මෙමගින් නව තාක්ෂණයේ සුවිශේෂි ප්‍රතිලාභ රැසක් ශ්‍රී ලංකාවට හිමිවෙනු ඇත. රූපවාහිනී විකාශන ආයතන විසින් දරනු ලබන මෙහෙයුම් හා සම්ප්‍රේෂණ පිරිවැය මෙමගින් අවම කෙරෙන අතර, මෙම තාක්ෂණය භාවිතා කරන්නන්ට අනර්ඝ තත්ත්වයේ දර්ශන හා ශබ්ද පුළුල් පරාසයක් තුළ තේරීමකටද  ඉඩප්‍රස්ථා හිමිවෙනු ඇත. ජංගම දුරකතන හා අනෙකුත් ජංගම උපාංග ප්‍රතිග්‍රහණය කරනු ලබන ශ්‍රී ලංකාවේ එකම විකාශන පද්ධතිය බවට මෙම ඩිජිටල් සන්නිවේදන විකාශන පද්ධතිය පත්වීමත් සමඟ ම හදිසි අනතුරු ඇඟවීමේ සංඥා, මාර්ග තදබදයන් පිළිබඳ තොරතුරු, කාලගුණ වාර්තා, අධ්‍යාපනික තොරතුරු, වෛද්‍ය හා ක්‍රීඩා තොරතුරු වැනි විවිධ තොරතුරු ක්ෂේත්‍රවලට ප්‍රවේශවීමේ හැකියාව ඉහළ නැංවීම තුළින් මෙරට සන්නිවේදන යටිතල පහසුකම් සංවර්ධනයේ විශාල පෙරළියක්ද සිදුවෙනු ඇත.

     

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන පාර්ශ්වකරුවකු වන සහ ඩිජිටල් තාක්ෂණයේ විශිෂ්ටයින් වන ජපන් රජය සමඟ සිදු කරන ලද ද්විපාර්ශ්වික සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් වශයෙන් රූපවාහිනී විකාශන කටයුතු ඩිජිටල්කරණය වෙනුවෙන් ජපන් යෙන් මිලියන 13,717 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 17,396)ක ණය මුදලක් ජපන් ජත්‍යන්තර සහයෝගිතා ආයතන (JICA) වෙතින් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය විසින් එකඟතාවය පළ කරනු ලැබ ඇත.



    මෙම මූල්‍ය සහය ලබා ගැනීමට අදාළ ගිවිසුම මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සහ ජයිකා ආයතනයේ ප්‍රධාන නියෝජිත කියෝෂි අමාඩා මහතා විසින් අද (23) දින මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී අත්සන් තබනු ලැබූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya