මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින ආශ්‍රිතව වායුගෝලයේ කැළඹිලි - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි Featured

    සැප්තැම්බර් 24, 2014

    අද (24) දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් නිසා, අපරභාගයේදී  හෝ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.


    අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    යාපනය, අනුරාධපුරය, මඩකළපුව, නුවරඑළිය, මහනුවර, රත්නපුරය,  අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    මන්නාරමට ගාල්ල සහ කොළඹට සන්ධ්‍යා කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.


    ත්‍රිකුණාමලයට අපරභාගයේදී  හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 32.6ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 11.9ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද මි.මී. 9.1ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් ද මි.මී. 7.5ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.°C අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.4°C පොලොන්නරුව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.0°C නුවරඑළියෙන් ද මි.මී. 41.0ක උපරිම වර්ෂාපතනය කවුඩුල්ල ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya