මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හඳුනා නොගත් වකුගඩු රෝග නිවාරණයට ඒකාබද්ධ මෙහෙයුමක් Featured

    සැප්තැම්බර් 23, 2014

    සෞඛ්‍ය මෙන් ම සමාජ ගැටලුවක් බවට පත් වී ඇති හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතා සංවේදී ව කටයුතු කරන බව පැවසූ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ‍මේ වකුගඩු රෝග නිවාරණය ජාතික මෙහෙවරක් සේ සලකා එහි කොටස්කරුවෙකු වන ලෙස රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.


    රෝගය පැතිර යන බවට සැක කෙරෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 45ක ප්‍රාදේශීය ලේකම්වරු, එම ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, දිස්ත්‍රික් හා පළාත් ප්‍රධාන ලේකම්වරු හා මේ පිළිබඳ කාර්ය සාධත බලකායට අයත් අමාත්‍යාංශ ලේකම්වරු සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා මෙසේ ඉල්ලා සිටියේය.

     

    රෝග නිවරණය සඳහා රජය පියවර රැසක් ගෙන ඇත. මේ වන විට පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කෙරෙමින් පවතී. එම ක්‍රියාකාරී සැලැස්ම සාර්ථක කර ගැනීම සඳහා මේ ගැටලුවට ඍජුව ම මුහුණ දෙන, රෝගය මේ වන පැතිර පවතින ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කර ඒ මඟින් ප්‍රාදේශීය මට්ටමේ රජයේ නිලධාරීන් සක්‍රීය ලෙස දායක කර ගැනීම මේ විශේෂ සාකච්ඡාවේ අරමුණ විය.

     

    වකුගඩු රෝගය හා කෘෂි පොහොර හා වෙනත් කෘමිනාශක අනිසි ලෙස භාවිතය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ 13ක් එක්කර ගනිමින් ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපිත කෙරුණු අතර ඊට සෞඛ්‍ය, කෘෂිකර්ම, පරිසර හා පුනර්ජනනීය බලශක්ති, විශේෂ ව්‍යාපෘති, ජල සම්පාදන හා ජලාපවහන, දේශීය වෛද්‍ය, අධ්‍යාපන, වාර්මාර්ග හා ජල සම්පත් කළමනාකරණ, තාක්ෂණ හා පර්යේෂණ, ඉඩම් හා ඉඩම් සංවර්ධන, පළාත් පාලන සහ පළාත් සභා, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන යන අමාත්‍යාංශ හා උතුරු මැද පළාත් සභාව ඇතුළත් වේ.

     

    මේ ජනාධිපති කාර්ය සාධක බලකායට සහයවීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක් ද අවශ්‍ය තාක්ෂණ උපදෙස් ලබා ගැනීම සඳහා තාක්ෂණ කමිටුවක් ද මේ වන විට ක්‍රියාත්මකය. මේ රෝගය තුරන් කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයක් ද පිහිටුවනු ලැබීය. මීට අමතරව අවශ්‍ය මගපෙන්වීම් සඳහා වකුගඩු රෝග නිවාරණ මෙහෙයුම් ඒකකයක් ද ජනාධිපති කාර්යාලයේ ස්ථාපිත කොට ඇති අතර එම ඒකකයේ ප්‍රධානියා වශයෙන් සු.සෝ. හේවාපතිරණ මහතා කටයුතු කරනු ඇත.

     

    රෝග අවදානම පැතිර ඇති සියලු ම ප්‍රදේශවල කල්තියා රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ මේ වන විට සාර්ථක ව සිදු කෙරෙන අතර රෝග අවදානම ඇති ප්‍රදේශවල කුඩා රෝහල්වල ද රසායනාගාර පහසුකම්, රුධිර කාන්දු පෙරණ පහසුකම් ලබාදීම හා වැඩිදියුණු කිරීම, විශේෂඥ වෛද්‍යවරුන් ලබාදීම, ජංගම රසායනාගාර සේවා පහසුකම්  සැපයීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව මෙහිදී අනාවරණය විය.

     

    2013 වසරේ සිට මේ දක්වා රසායනික පොහොර භාවිතය 24%කින් අඩු වී ඇති බවත් TSP (Tripple Super Phospate) භාවිතය 40%කින් අඩු වී ඇති බවත් මෙහිදී අනාවරණය විය. එසේ ම කාබනිල්, ප්‍රොපනිල්, ක්ලෝරොෆයිරෝෆොස් වැනි විෂ රසායනික භාවිතය මුළුමනින් ම තහනම් කොට ඇත. පොහොර හා රසායනික භාවිතය පිළිබඳ ගොවීන් දැනුවත් කිරීම සඳහා තාක්ෂණ නිලධාරීන් 7000ක් පුහුණු කෙරෙමින් පවතී.

     

    පිරිසිදු පානීය ජලය ලබාදීම ඉතා වැදගත් පියවරක් ලෙස නිලධාරීන් පෙන්වා දුන් අතර සැමට විදුලිය ලබා දී ම සේ ම ජනාධිපතිතුමාගේ මීළඟ පියවර වන්නේ සැමට පිරිසිදු පානීය ජලය ලබාදීම බව මෙහිදී ජනාධිපති ලේකම්වරයා පැවසීය. පානීය ජල ව්‍යාපෘති රැසක් ද අදාළ ප්‍රදේශවල ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර ඒ පිළිබඳ ප්‍රගතිය ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.


    NDH/pmu_pix by Udesh Gunarathne

    02

     

     

    03

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya