අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ ප්‍රතිඵල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින්

    සැප්තැම්බර් 20, 2014

    මෙවර පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණයේ ඡන්දය ප්‍රතිඵල මාධ්‍ය වෙත නිකුත් කිරීම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ අනුමැතිය සහිත ව සිදු කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.


    මැතිවරණ ප්‍රතිඵල ගණනය කිරීමෙන් පසු ව දිස්ත්‍රික් ලේකම් විසින් එම ප්‍රතිඵල මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත එවනු ලබයි. එම ප්‍රතිඵල නැවත විමර්ශනය කිරීමෙන් අනතුරු ව මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය සහිත ව එම දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යළි යවනු ගැබේ. එසේ ම අවසන් ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස්වරයාගේ සහතික කිරීමෙන් පසු ව එය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත නිකුත් කෙරේ. එම ප්‍රතිඵල රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සන ද සහිත ව මාධ්‍ය වෙත නිකුත් කරනු ලබයි.

     

    මෙවර මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේදී එය ෆැක්ස් මඟින් මෙන් ම පරිගණකගත නව ක්‍රමවේදයක් ඔස්සේ එසැනින් අන්තර්ජාලය හරහා මාධ්‍ය ආයතන වෙත නිකුත් කිරීමේ ක්‍රියාමාර්ගයක් ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව ප්‍රතිඵල නිකුත් වූ විගසින් සියලු මාධ්‍ය ආයතන වෙත මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු විධිවිධාන යොදා ඇත.

     

    මීට අමතර ව රජයේ නිල පුවත් වෙබ් අඩවිය වන www.news.lk ඔස්සේ අන්තර්ජාලය හරහා http://election.news.lk/ යන වෙබ් අඩවියෙන් දෙස් විදෙස් සියලු දෙනාට ම ලබාගත හැකි වන පරිදි මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමට ද කෙටි පණිවුඩ සේවාව මඟින් ද මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමට ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya