නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පොලිසිය විශේෂ ක්‍රියාමාර්ග අනුගමනය කර තිබූ බැවින් ඡන්ද දායකයින් ඉතා උනන්දුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කළ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ප්‍රාදේශීය වාර්තාකරුවෝ ප්‍රකාශ කළහ.
ඒ අනුව මේ වන විට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙනයාම කඩිනමින් සිදුකෙරේ.
ප.ව.04.00 පමණ වන විට තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ වූ බව පළාතේ තේරීම් භාර නිලධාරීහු ප්‍රකාශ කළහ. ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ලැබුණු වහාම ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට නියමිතය.
SDF