අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කාලය සැප්: 30 අවසන්

    සැප්තැම්බර් 20, 2014
    2014 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනයට අදාළ හිමිකම් හා විරෝධතා කාල සීමාව මේ මස 30 වන දිනෙන් අවසන් වන අතර, 2014 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි සඳහා සුදුසුකම් ලබා ඇති නමුත් මේ දක්වා ඡන්ද හිමියන් ලෙස ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි සඳහා ගණන් ගෙන නොමැති අයවෙත ඒ සඳහා හිමිකම් අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ඉදිරිපත් කිරීමට මේ මස 30 දක්වා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි. 
     
    සියලු ම මැතිවරණ කොට්ඨාසවලට අදාළ 2014 ඡන්ද හිමි නාමලේඛනයේ කෙටුම්පත www.slelections.gov.lk  වෙබ් අඩවියට පිවිස පරීක්ෂා කළ හැකි අතර, එම නාමලේඛන සියලු ම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, පළාත් පාලන ආයතනවල සහ ග්‍රාම නිලධාරි කාර්යාලවල ද ප්‍රදර්ශනයට තබා ඇති අතර, එම ස්ථානවලදී ද නාමලේඛන පරීක්ෂා කළ හැකිය. 
     
    2014 වර්ෂය සඳහා ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මෙය බැවින් අදාළ පුද්ගල නාමය 2014 ඡන්ද හිමි නාමලේඛනයේ කෙටුම්පතට ඇතුළත් ව නැතිනම් වහා ම පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත දැන්වීමට කටයුතු කරන මෙන් මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටී.

    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya