අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනගහනය හා සංවර්ධන පිළිබඳ ආසියා - අප්‍රිකා සමුළුවට ඇමති කරල්ලියද්ද සැම්බියාවට

    සැප්තැම්බර් 20, 2014

    විවිධ සංස්කෘතීන්ගෙන් සමන්විත සමාජවල ජනගහනය හා සංවර්ධනය මාතෘකා කර ගනිමින් ආසියා - අප්‍රිකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධාරිතා වර්ධනය කිරීම (Asian and African Parliamentarians’ Capacity Development Project on the Integration of Population Issues into National Development Frameworks – Part III) අරමුණු කර ගනිමින් මේ මස 24 – 27 සැම්බියාවේ ලුසාකා (Lusaka) නුවර පැවැත්වෙන සිව්දින සමුළුවට සහභාගි වීම සඳහා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා මේ මස 22 දා දිවයිනෙන් පිටත් වෙයි.

    ආසියානු ජනගහනය හා සංවර්ධන පිළිබඳ සංගමය (The Asia Population and Development Association - APDA) මගින් සංවිධානය කරන ලද මෙම සමුළුවේ දී ඒ ඒ රටවල ජනගහනය පිළිබඳ ගැටලු ජාතික සංවර්ධන ක්‍රියාවලිය තුළ සාර්ථකව විසඳා ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය. 

     

    ජනගහනය වර්ධනය වීම තුළ ජාතික සංවර්ධන ක්‍රියාවලියට ඉන් එල්ල වන බාධාවන් හඳුනා ගැනීම මෙන් ම එම බාධාවන් මනා ලෙස කළමනාකරණය කරගනිමින් සංවර්ධන ක්‍රියාවලිය උදෙසා වඩාත් ඵලදායී ලෙස එම ජනගහනය යොදා ගැනීම පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික අයුරින් අධ්‍යයනය කිරීම ද අරමුණු කර ගනිමින් පැවැත්වෙන මෙම සමුළුවේ ප්‍රථම අදියර ඉකුත් වසරේ ජනවාරි මස  කාම්බෝජයේ දී සහ දෙවන අදියර මේ වසරේ පෙබරවාරි මස උගන්ඩාවේ දී පැවැත්විණි. ‘ජනගහනය හා සංවර්ධනය පිළිබඳ වූ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය’ මගින් කරන ලද ආරාධනාවක් මත ආසියානු ශාන්තිකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ස්ථාවර කමිටුවේ සමාජිකයෙක් ලෙස අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා මෙම සමුළුවට සහභාගි වෙයි. 

     

    ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය තුළ කාන්තා දායකත්වය සහ ජනගහනය වඩාත් ඵලදායී ලෙස යොදාගැනීම පිළිබඳ ව මෙන් ම විශේෂයෙන් ඉකුත් වසර තුන තුළ ශ්‍රී ලංකාව අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයන්ගෙන් ලබා ඇති ජයග්‍රහණ හා ප්‍රගතිය පිළිබඳ ව අමාත්‍යවරයා විසින් මෙම සමුළුවේ දී විශේෂ දේශනයක් පවත්වනු ලැබීමට නියමිතය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කර ඇති මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර හා විද්‍යා පීඨ මෙන් ම නැණසල ව්‍යාපෘති හරහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාව කෙටි කාලයක් තුළ ලබා ඇති සුවිශාල ප්‍රගතිය හා එම අත්දැකීම් පිළිබඳව ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා විසින් එම දේශනයේ දී කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.


     
    අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ මෙම නිල සංචාරය නිමවන තුරු එම අමාත්‍යධුරයෙහි වැඩ බැලීම සඳහා ජනාධිපතිතුමන් විසින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පත්කර තිබේ.



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya