අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක ලේකම් පුද්ගල අනන්‍යතා මහලේකම් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක

    සැප්තැම්බර් 18, 2014
    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බත්තරමුල්ලේ අභිනවයෙන් ඉදිකරනු ලබන පුද්ගල අනන්‍යතා මහලේකම් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක  අද (18) නිරත විය.
     
    මහල් 20කින් යුත් නව පුද්ගල අනන්‍යතා මහ ලේකම් කාර්යාලයේ හා මහල් 4කින් යුත් නව වාහන අංගනයේ වැඩ කටයුතු මේ වන විට බොහෝ දුරට නිමා කර ඇති අතර 2015 ජුනි මස 30 වන දින වන විට එහි වැඩ කටයුතු සම්පූර්ණයෙන් ම නිමා කිරීමට නියමිතය. අද කරන ලද නිරීක්ෂණ චාරිකාවේදී ආරක්ෂක ලේකම්වරයා විසින් මෙම නව මහ ලේකම් කාර්යාලීය ගොඩනැගිල්ල හා වාහන අංගනය සම්පුර්ණයෙන් ම පරීක්ෂා කරන ලද අතර ඒ පිළිබඳ ව තවදුරටත් අවශ්‍ය උපදෙස් එම ඉදිකිරීම් සමාගමේ නිලධාරීන්ට ලබා දුනි.
     
    අනතුරු ව මෙම ගොඩනැගිල්ලෙහි ඉදිකිරීමේ ප්‍රගතිය දැක්වෙන විශේෂ ඉදිරිපත් කිරීමක් අදාළ ඉදිකිරීම් සමාගම විසින් ආරක්ෂක ලේකම්තුමන් වෙත ඉදිරිපත් කරන ලදී.
     
    මහජන සේවය සඳහා රජය විසින් විශේෂ පහසුකම් සැපයීමේ මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩපිළිවෙළේ තවත් එක් පියවරක් යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කරවීමේ දෙපාර්තමේන්තුව සහ නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් 'පුද්ගල අනන්‍යතා මහ ලේකම් කාර්යාලය' නමින් මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා 2012 ජුලි 05 දින බත්තරමුල්ලේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක චමල් රාජපක්ෂ මහතා අතින් මුල් ගල් තැබිණි.
     
    වර්ග අඩි 700,000ක විශාලත්වයෙන් යුත් මෙම නව ගොඩනැගිල්ල අති නවීන පහසුකම්වලින් යුක්තය. පුද්ගල අනන්‍යතා මහ ලේකම් කාර්යාලය ඉදිකිරීමේ ප්‍රධානතම අරමුණ වන්නේ එක වහලයක් යටදී ඉතා කෙටි කාලයකින් මහජනතාවට සේවාවක් රැසක් ඉටු කර දීමයි. එසේ ම මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී නවාංග රැසකින් සමන්විත මෙම ගොඩනැගිල්ල තුළ පහසුකම් සහිත මහල් හතරකින් යුත් රථ ගාලක්, තැපැල් කාර්යාලයක්, බැංකු, ආපන ශාලා හා වෙනත් පොදු පහසුකම් රැසක් ද ස්ථාපිත කිරීමට ද නියමිතය.
     
    රුපියල් මිලියන 7555ක් වන මෙම ගොඩනැගිල්ල නිර්මාණය වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයනු ලබන්නේ හැටන් නැෂනල් බැංකුව ප්‍රමුඛ බැංකු සමුහයක් විසිනි. නිර්මාණ කාර්යේදී ඉදිකිරීම් වෙනුවෙන් දායකත්වය දක්වනු ලබන්නේ අයි.සී.සී. - ඩී.ජී. 51 (පුද්.) සමාගම (ICC- DG 51) විසිනි.
     
    මෙම අවස්ථාව සඳහා අයි.සී.සී. - ඩී.ජී. 51 (පුද්). සමාගමේ ඉංජිනේරුවන් හා නිලධාරීන්, ගොඩනැගිලි දෙපාර්ථමේන්තුවේ නිලධාරීන්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya