අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන්නියේ අනවසර වන සංහාරය නැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනපතිගෙන් වන්නි ආඥාපතිට උපදෙස්

    සැප්තැම්බර් 18, 2014

    වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති ප‍්‍රදේශවල නීතිවිරෝධි ලෙස වනාන්තර විනාශ කරන්නන්ට සහ අනවසර වැලි ගොඩ දමන්නන්ට එරෙහි ව ඉදිරියේදී තරාතිරම නොබලා අවශ්‍ය නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් උපදෙස් ලබාදී ඇත.


    මේ පිළිබඳව ආරක්‍ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරල් බොනිෆස් පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් විශේෂ හමුවක් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී පසුගිය අඟහරුවාදා (16) පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා වන්නි ආඥාපති මූලස්ථානය යටතේ රාජකාරි කරනු ලබන සේනාංකාධිපති වරුන්, වන්නි ප‍්‍රදේශය ම ආවරණය වන පරිදි උප දිසාපතිවරුන්, උසස් පොලිස් නිලධාරීන්, ස්ථානාධිපති වරුන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අඩවි වන නිලධාරීන් සහ සහකාර අඩවි වන නිලධාරීන් ඇතුළු නිලධාරීහු 50කට ආසන්න පිරිසක් සහභාගි වූහ.


    මේ අනුව ඉදිරියේදී මෙම ප‍්‍රදේශවල නීතිවිරෝධි අයුරින් වනාන්තර විනාශ කරන්නන්ට හා අනවසර වැලිගොඩ දමන්නන්ට එරෙහිව තදින් පියවර ගැනීමට ජනාධිපතිතුමන් විසින් උපදෙස් ලබාදීඇති බව (වන්නි) ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් බොනිෆස් පෙරේරා මහතා පැමිණ සිටි පිරිස අමතා ප‍්‍රකාශ කරන ලදී. වනාන්තර රැකගැනීම පිළිබඳ ව ඇති වැදගත්කම මෙන් ම වනාන්තර නැති වූ විට ඇතිවිය හැකි විනාශකාරී තත්ත්වය පිළිබඳ ව ද අවධාරණය කරන ලදී. එමෙන් ම සියලුම අංශයන්හි සහභාගීත්වයෙන් සහ සම්බන්ධීකරණයෙන් මෙම පරිසර විනාශය නැවැත්වීම සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කිරීම රාජකාරියට වඩා එහාට ගිය යුතුකමක් බවත් වැඩිදුරටත් පැහැදිලි කරන ලදී.


    මේ අනුව ලංකාවේ සියලුම වනාන්තර රැකගැනීම හැර වෙනත් විකල්පයක් නැති බැවින් වනාන්තර රැකගැනීම ජාතික අවශ්‍යතාවක් සේ සලකා ඒ සඳහා ඇවැසි සියලුම පියවර ගන්නා ලෙසත් යුද හමුදාවේ සහය නිරන්තරයෙන් ලබාදෙන බවත් ප‍්‍රකාශ කරන ලදී.    


    මෙම අවස්ථාව සඳහා  උතුරු/ උතුරු මැද/ නැගෙනහිර කලාප භාර; කලාප නියෝජ්‍ය වන සංරක්‍ෂක වසන්ත ජයතිලක මහතා ද සහභාගිවිය.


    HC/SFHQ_wanni

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya