අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියකාවා යුධ අභ්‍යාසය අවසන් අදියරට

    සැප්තැම්බර් 18, 2014

    ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධානය කරනු ලබන "දියකාවා" (Cormorant Strike)  ඒකාබද්ධ යුද අභ්‍යාස ක්‍රියාන්විතයේ අවසන් යුද අභ්‍යාසය (final attack) මෙම මස 24 සහ 25 දිනයන්හි පැවැත්වීමට කටයුතු සුදානම් කොට ඇත.

     

    ඒ අනුව මෙම මස 24 වැනි දින මඩකළපුව පුන්නකුඩා හිදී යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් ද, 25 වැනි දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තිරියාය ප්‍රදේශයේ දී යුද හමුදා විශේෂ බලකාය ද යුද අභ්‍යාස සිදු කිරීමට නියමිතව ඇත.

     

    මෙම යුද අභ්‍යාසය පසුගිය 03දා ආරම්භ වූ අතර මේ වන විට එය සති දෙකක  කාලයක් සම්පුර්ණ කොට ඇති අතර සම්පුර්ණ කාල සීමාව තුළ ඉලක්ක 21 සපුරා ගත යුතුව ඇති අතර මේ වන විට ඉන් ඉලක්ක (Targets) 16ක් සම්පුර්ණ කොට ඇත.

     

    අදියර 04ක් යටතේ ක්‍රියාත්මක වූ මෙම අභ්‍යාසය මේ වන විට බේරා ගැනීමේ අදියර (Extrication Stage) සඳහා පැමිණ ඇත. මේ සඳහා රටවල් 6 කට අයත් විදේශීය හමුදා සාමාජිකයන් සමග යුද ගුවන් සහ නාවික භට පිරිස් 4300කට ආසන්න පිරිසක් සහභාගි වී සිටිති.

     

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya