අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැය විසිහතරක් ඇතුළත නව නැණසල මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

    සැප්තැම්බර් 18, 2014

    පැය විසිහතරක් ඇතුළත සියලු කටයුතු සම්පුර්ණ කර නව නැණසල මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට හැකි වූ බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

     

    දිනක්  වැනි කෙටි  කාලයක් තුළ නැණසල මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථාන ඉතිහාසයේ වාර්තාවක් විය හැකි  බව තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්ෂේත්‍රයේ විද්වත්හු පෙන්වා දෙති.
     

    වැලිමඩ, ගුරුතලාව, නැදුන්ගමුව ශ්‍රී  ජයසුමනාරාම විහාරස්ථානයේ දී මෙම නැණසල මධ්‍යස්ථානය ස්ථාපිත කෙරිණි.
     

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ විශේෂ  උපදෙස් පරිදි මෙම නැණසල මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සිදු කර ඇත.

     
    නැණසල දහස ව්‍යපෘතිය යටතේ ස්ථාපිත කෙරුණු 821වන නැණසල මධ්‍යස්ථානය මෙය වේ.

     
    ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අතින් එය විවෘත කිරීම සිදු විය.

     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya