අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කණිෂ්ඨ සේවකයන්ට තිබු ප්‍රධාන බාධක‍යක් ඉවත් කළා Featured

    සැප්තැම්බර් 18, 2014
    රාජ්‍ය සේවයේ කණිෂ්ඨ සේවකයින්ට රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය සඳහා පළ කරන ලද 2014 අගෝස්තු 29 දිනැති ගැසට් පත්‍රය හේතුවෙන් අදාළ සේවකයන් දැඩි අපහසුතාවකට පත් ව තිබුණි. 
     
    එම ගැසට් පත්‍රය 2013 රාජ්‍ය කළමනාකරණ සේවා ව්‍යවස්ථාවට අනුගතව නිකුත් කරන ලද්දකි. ඒ අනුව කණිෂ්ඨ සේවකයකු කළමනාකරණ සහකාර සේවයට සුදුසුකම් ලැබීමට නම් එක් වරකදී අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ගණිතය විෂය ද ඇතුළුව සම්මාන දෙකක් ද සහිතව විෂයන් 06කින් සමත්විය යුතු බවට සඳහන් කොට තිබුණි.
     
    කෙසේ වුව ද මෙම තනතුරට මීට පෙර බඳවා ගැනීමේ දී මෙවැනි කොන්දේසියක් අන්තර්ගතව නොතිබූ අතර මේ නිසාම තමන් දැඩි අපහසුතාවකට පත් ව ඇති බව අදාළ කණිෂ්ඨ සේවකයන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයාව දිගින් දිගට ම දැනුවත් කොට ති‍බේ. මේ පිළිබඳ අවධානය යොමු කළ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා අදාළ සේවකයන්ගේ පැමිණිලි පිළිබඳ ව රාජ්‍ය සේවා කොමිෂන් සභාව දැනුවත් කොට ඒ පිළිබඳ ව කඩිනම් විසදුම් ලබා දෙන ලෙස දන්වන ලදි.
     
    එම දැනුවත් කිරිමේ ප්‍රතිඵලයක් ලෙස කලින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට සංශෝධන කිහිපයක් සිදුකොට ඇත. ඒ අනුව අදාළ අපේක්ෂකයන් සාමාන්‍ය පෙළ විභාගය ගණිතය ඇතුළු ව විෂයන් හයක් සමත් ව සිටිය යුතු බවට සංශෝධනය වී ඇත. ‍ අදාළ සංශෝධනයට අනුව ගණිතය ඇතුළුව විෂයන් හයක් සම්මාන දෙකක් ද සහිතව එක්වර සමත්වීමේ කොන්දේසිය ඒ අනුව ඉවත්කර තිබේ. එමෙන් ම මෙම සුදුසුකම් 2014 ඔක්තෝබර් 10 වන දින වන විට සපුරා තිබිය යුතු අතර සංශෝධන හේතු කොටගෙන සීමිත තරග විභාගයේ අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2014.10.10 වන දින දක්වා දීර්ඝ කිරීමට ද පියවර ගෙන ඇත.
     
    මෙලෙස සිදුකළ සංශෝධන හේතුකොට ගෙන මෙම විභාගය සඳහා පෙනි සිටීමට නොහැකි වූ රාජ්‍ය සේවයේ කණිෂ්ඨ සේවකයන් විශාල පිරිසකට සීමිත තරග විභාගය සඳහා පෙනී සිටීමට අවකාශ සැලසෙනු ඇත. කෙසේ වුවත් මේ වන විටත් මේ සඳහා අයදුම් කර ඇති අයදුම්කරුවන්ට යළිත් අයදුම් කිරීම අවශ්‍ය නොවන අතර අදාළ ගැසට් නිවේදනයේ සඳහන් අනෙකුත් කොන්දේසි එලෙසින් ම වලංගු වන බවද රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දන්වා සිටී.    
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya