අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනය හා ශ්‍රී ලංකාව අතර මුහුද හා වෙරළ පිළිබඳ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වේ Featured

    සැප්තැම්බර් 18, 2014

    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයට අනුව සැප්තැම්බර් 15 සිට අද (18) දක්වා මෙරටට පැමිණි වෙරළ හා සාගර සහයෝගීතාව පිළිබඳ ඉහළ පෙළේ චීන නියෝජිත පිරිස එරට සමුද්‍ර පරිපාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය (State Oceanic Administrator) ලියු සිගූයි (Mr. Liu Cigui) මහතා විසින් මෙහෙයවන ලදී.


    ඊයේ (17) රේස් කෝස් ග්‍රැන්ඩ් ස්ටෑන්ඩ් හෝටලයේදී මෙම නියෝජිත පිරිස හා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස සමඟින් රටවල් දෙක අතර වෙරළ හා සාගර ආශ්‍රිතව ඇති සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් දෙරටට ම වැදගත්වන සාගර කලාපයේ හා වෙරළ තීරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන කරුණු පිළිබඳ ව සාකච්ඡා පැවැත්විණි.

    පෙරේදා (16) ශ්‍රී ලංකාවේ හා චීනයේ ජනාධිපතිවරුන් ඉදිරියේදී පවත්වන ලද දෙරට අතර ගිවිසුම් අත්සන් කරන අවස්ථාවේදී චීන - ශ්‍රී ලංකා වෙරළ හා සාගර ඒකාබද්ධ පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම සඳහා වන ගිවිසුමකට ද රටවල් දෙක විසින් අත්සන් තබන ලදී. මෙම ගිවිසුම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීනය වෙනුවෙන් සමුද්‍ර පරිපාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලියු සිගූයි මහතා අත්සන් තැබීය.

    ඊයේ පවත්වන ලද සාකච්ඡාවලින් අනතුරු ව මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා ආරක්ෂක ලේකම්වරයා හා ලියු සිගූයි මහතා අතර සමරු තිළිණයන් හුවමාරු කර ගැනීමක් ද සිදු විය. 


    මෙම අවස්ථාව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට මංගල වික්‍රමරත්න මහත්මිය, ආචාර්ය එස්.ජී. සමරසුන්ද්‍ර ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණික) රොහාන් සෙනෙවිරත්න, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ආර්.සී. විජේගුණරත්න සහ නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් (මෙහෙයුම්) රියර් අද්මිරාල් එන්.ජී.බී. රොසයිරෝ යන මහත්වරු සහභාගී වූහ.


    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya