අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

    සැප්තැම්බර් 17, 2014

    ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අද (17) මධ්‍යම රාත‍්‍රියෙන් පසු අවසන්වීමට නියමිතය.

     

    අද මැදියම් රැයේ සිට මැතිවරණයට අදාළ කිසිදු ප‍්‍රචාරක කටයුත්තක් ඍජු හෝ වක‍්‍රව සිදු කිරීම තහනම් බව පෙන්වාදෙන මැතිවරණ කොමසාරිස් කාර්යාලය එය මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීමක් බව ද සඳහන් කරයි.

     

    ඌව පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මස 20 වැනි දින පැවැත්වෙන අතර එම පළාත් සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද විමසීම පසුගිය 04, 05 දිනයන්හි පැවැත්විණි.

     

    මොනරාගල දිසාවේ දේශපාලන පක්ෂ 12ක් ස්වාධීන කණ්ඩායම් 7ක් ද, බදුල්ල දිසාවේ පිළිගත් දේශපාලන පක්ෂ 10ක් හා ස්වාධීන කණ්ඩායම් 04ක් මෙවර නාම යෝජනා ලබාදී ඇත.

     

    ඌව පළාතේ මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා පුද්ගලයින් 942,930 දෙනෙකු සුදුසුකම් සුපරා ඇත. මෙයින් 609,966 දෙනෙකු බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් ද 332,764ක මොනරාගල දිස්ත‍්‍රික්කයෙන් ද සුදුසුකම් ලබා ඇත.

     

    HC/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya