අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෞරවනීය මැතිවරණයක් තුළින් ගෞරවනීය ජයග්‍රහණයක්

    සැප්තැම්බර් 17, 2014
    ඌව පළාතේ ගෞරවනීය මැතිවරණයක් හරහා ගෞරවනීය ජයග්‍රහණයක් බලාපොරොත්තු වන බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (17) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    ඊයේ (16) බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් මැතිවරණය සඳහා ඉදිරිපත් වන විශ්වනාත් මහතාගේ ක්‍රියාව හරහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිහින දකිමින් සිටි දීර්ඝ නින්දෙන් අවදි වූ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා මේ සියලු දේ ඌව පළාත් මැතිවරණ ප්‍රතිඵලයන්ගේ පෙර නිමිති බවත් පෙන්වා දුන්නේය.
     
    අද වන විට එක්සත් රාජධානියේ එක්සත් බව නොමැති අතර ශ්‍රී ලංකාවේ එක්සත් භාවය නොමැති අවස්ථාවේ දී ඒ වෙනුවෙන් සංවේදී වීම සඳහා කිසිවෙකුත් නොසිටි බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා වෙහෙස මහන්සි වී එක්සත් බව ඇතිකර ගත් බවත් පෙන්වා දුන්නේය.
     
    අද ශ්‍රී ලංකාවේ දෛනික විදුලි අවශ්‍යතාව මෙගාවොට් 2200කි. නමුත් මේ වන විට මෙගා වොට් 4000ක් සංචිතයක් අප සතුවේ. දින 365 පුරාම වර්ෂාව නොලැබුණත් විදුලි කප්පාදුවක් සිද්ද වෙන්නේ නෑ. සංවර්ධනය වෙමින් පවතින රටක ආණ්ඩුවකට එහෙම පොරොන්දුවක් දිය හැකි නම් එය යුක්ති සහගත ආණ්ඩුවක්.
     
    මුහුද ගොඩකරමින් නගර ඉදිකිරීම ලංකාවට නව ක්‍රමයක් වුවත් මෙම ක්‍රමය ලෝකයේ රටවල් රැසක් අනුගමනය කොට තිබෙනවා. සිංගප්පූරුව 20% තම භූමිය ගොඩනගාගෙන ඇත්තේ මුහුද ගොඩකිරීම හරහායි. 2005 ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පැමිණීමත් සමග ලංකාවේ සිතියම වෙනස් වී ඇත. ලබන වසරේ දී කොළඹ සිතියම් ගත වන්නේ නෙරීමක් සහිතවයි.
     
    ඌව පළාත් සභා මැතිවරණ ඉතා සාමකාමී අයුරින් පැවැත්වෙතැයි තමන් බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya