අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "හෙළ විරු රස උදානය - 2014" මෙවර මාතරදී

    සැප්තැම්බර් 17, 2014

    ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් සංවිධානය කරනු ලබන "හෙළ විරු රස උදානය - 2014" ශ්‍රී ලාංකීය ආවේණික ආහාර සැණකෙළිය ලබන 25 සිට 28 දින දක්වා මාතර වෙරළ තීරයේදී පවත්වන බව බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් උභය මැදවල මහතා පැවසීය.


    ඒ මහතා මෙසේ පැවසුවේ අද (17) කොල්ලුපිටියේ පිහිටි මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති සතියේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

     

    අභාවයට යන ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වලට ආවේණික හෙළ ආහාර වට්ටෝරු සහ බීම වර්ග නැවත සමාජගත කිරීම සහ තරුණ පරපුර අතර ප්‍රචලිත කිරීම මෙම ආහාර සැණකෙළියේ අරමුණයි. මෙහි පළමු පියවර පසුගිය වසන්ත සැණකෙළිය සමයේ නුවරඑළියේදී පැවැත්විණි. එම ප්‍රදර්ශන කුටි නැරඹීම සඳහා ලක්‍ෂයකට අධික පිරිසක් සහභාගී වූ බව ද මෙහිදී මැදවල මහතා ප්‍රකාශ කළේය. 

     

    මෙවර මාතර පැවැත්වෙන හෙළ විරු‍ රස උදානය  - 2014 දෙවන සැණකෙළිය වඩා වැඩි නව්‍යතාවන් සහිත ව ඉදිරිපත් කරන බවත් හමුදා සාමජිකයන් විසින් සකස් කරන ආහාර සහ පාන වර්ග එම මොහොතේ ම ඉතා සහන මිලකට පාරිභෝගිකයන්ට රසවිඳීමට හැකි බවත් ඒ මහතා පැවසීය. ලබන 25 වැනිදා සන්ධ්‍යාවේ ආරම්භ වන මෙම සැණකෙළිය ලබන 28 වැනි දින දක්වා පෙරවරු 11.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා මහජනතාවට විවෘත ව පවතී. මෙහි සකස් කරන සියලුම ආහාර පාන ඉතා ම සෞඛ්‍යාරක්‍ෂිත ව පිළියෙල කරනු ලබන බවත් ඒ සියල්ල යුද හමුදා වෛද්‍ය බලකායේ අධීක්ෂණය යටතේ සිදු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.


    මෙහිදී "හෙළ විරු රස උදානය" නමින් හෙළදිව ආහාර ඉතිහාසය සහ පැරණි හෙළ ආහාර වට්ටෝරු රැගත් පොතක් එළිදක්වන අතර සහන මිලකට එය මිලට ගත හැකි බවත් එම පොත් මිලදී ගන්න පිරිස අතුරින් දිනුම් ඇදීමක් මඟින් තෝරාගත් පවුල් 05ක් සඳහා යුද හමුදාව මඟින් පාලනය වන දිවයිනේ ප්‍රදේශ 05ක පිහිටි නිවාඩු නිකේතන 05ක සියලු ආහාරපාන සහිත ව සතිඅන්ත නිවාඩුවක් ගතකිරීමට අවස්ථාව ලබා දෙන බව ද ඔහු පැවසීය. මෙහිදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයක පිළිතුරු දෙමින් මැදවල මහතා ප්‍රකාශ කර සිටියේ මෙය හුදෙක් ලාභ ලැබීමේ අරමුණින් සිදුකරන ව්‍යාපෘතියක් නොවන බවත් අභාවයට යමින් පවතින හෙළ කෑම වට්ටෝරු නැවත ජනතාව අතරට ගෙන යෑම වෙනුවෙන් දරන උත්සාහයක් බවයි.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya