අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත්ගම සහ බේරුවල කඩ හා නිවාස කඩිනමින් හිමිකරුවන්ට

    සැප්තැම්බර් 17, 2014

    පසුගියදා ඇති වූ අවාසනාවන්ත සිද්ධියෙන් අලභාහානියට පත් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන මේ වන විට වැඩි ප්‍රමාණයක් ඒවායේ අයිතිකරුවන්ට නැවත ලබා දී ඇති බවත් නුදුරේදී ම ඉතුරු සියල්ල හිමිකරුවන්ට භාර දෙන බවත් අද (17) පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් උභය මැදවල මහතා පැවසීය.


    මේ වන විට නිවාස 112ක් සහ ව්‍යාපාරික ස්ථාන 33ක් අලුත්වැඩියා කොට එම හිමිකරුවන් වෙත භාරදී අවසන් බවත් නිවාස 99ක සහ ව්‍යාපාරික ස්ථාන 30ක අලුත්වැඩියා කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් ඔහු කීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මැදවල මහතා, ඇතැම් ව්‍යාපාරික ස්ථාන සහ නිවාස සම්පූර්ණයෙන් ම අලුත්වැඩියා කළ යුතු තත්ත්වයක පවතින බවත් ඇතැම් නිවාස අලුත්වැඩියාවේදී විශේෂ ඉංජිනේරු උපදෙස් අවශ්‍ය  බවත් කීය. වඩා ගුණාත්මක භාවයෙන් ඉහළ ප්‍රමිතියකින් යුත් නිවාස සහ ව්‍යාපාරික ස්ථානයක් ඒවායේ හිමිකරුවන් වෙත නැවත ලබාදෙන බව පැවසූ මැදවල මහතා එම කටයුතු වෙනුවෙන් වෙළෙඳපොළේ ඇති ඉහළ ම ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය භාවිත කරන බවත් ඇතැම් හිමිකරුවන් ඉල්ලා සිටින ආකාරයේ අමුද්‍රව්‍ය භාවිත කරමින් ද එම ඉදිකිරීම් සිදු කරන බවත් පැවසීය.



    මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා ප්‍රකශ කර සිටියේ ඉදිරි මාස 02ත් 05ත් ඇතුළත සියලු ඉදිකිරීම් අවසන් කළ හැකි බවත් ඇතැම් වැළැක්විය නොහැකි හේතූන් මත පෙර ප්‍රකාශ කළ කාලසීමාව ඉක්මවා ගිය බවත්ය. මේ වන විට යුද හමුදාවේ 420ක් ගුවන් හමුදාවේ 110ක් නාවික හමුදාවේ 134ක් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් 33ක් මෙම ඉදිකිරීම් කටයුතුවල නියුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.


    මෙම නිවාස සහ ව්‍යාපාරික ස්ථාන අලුත්වැඩියා කිරීම නිරීක්ෂණය සඳහා ස්වාධීන කමිටුවක් ක්‍රියාකරන බවත් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන අලුත්වැඩියාවෙන් පසු හිමිකරුවන් වෙත නැවත භාර දීමේදී ඉතා ම පාරදෘශ්‍ය භාවයක් යටතේ ක්‍රියා කරන බවත් ඔහු පැවසීය.

    මෙම අවාසනාවන්ත සිදුවීමේදී නිවාස 82ක් සහ ව්‍යාපාරික ස්ථාන 211ක් අලභහානියට පත්ව තිබුණි.


    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya