අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයෙන් බඳවාගත් ආධුනික සෙබළ සෙබළියන් 20 වැනි දා විසිර යයි Featured

    සැප්තැම්බර් 17, 2014

    යාපනය ප‍්‍රදේශයෙන් ශී‍්‍ර ලංකා යුධ හමුදා ස්වෙච්ඡා බලසේනාවට සම්බන්ධ වූ කාන්තා ආධුනික සෙබළියන් 100ක් හා පිරිමි ආධුනික සෙබළන් 400 දෙනෙකු ලබන 20 වන දින කන්කසන්තුරේ ශී‍්‍ර ලංකා විදුලි හා යාන්ති‍්‍රක හා ඉංජිනේරු රෙජිමේන්තු පිටියේදී පැවැත්වෙන ඉතා අලංකාර පෙළපාළියකින් විසිර යාමට නියමිතය.


    මෙම කාන්තා සෙබළියන් කන්කසන්තුරේ 7වන ශී‍්‍ර ලංකා යුධ හමුදා කාන්තා බලකායට ඇතුළත් කෙරෙන අතර, ආධුනික සෙබළුන් ඒ ඒ වෘත්තීන්ට අදාළ ඒකකවලට හා තල් සෙවණ නිවාඩු නිකේතනයට රාජකාරි සඳහා අනුයුක්ත කෙරේ. බඳවා ගැනීමෙන් පසු 2014 ජුනි මස 19 වන දින සිට මොවුන් හට පෙදරේරු, වඩුකාර්මික, මේසන්, ඉලෙක්ට්‍රොනික්, යන්ත්‍රෝපකරණ අලුත්වැඩියාව, කෘෂිකර්මය, රූපලාවන්‍ය හා මැහුම් ගෙතුම් වැනි ක්ෂේත‍්‍රවල ත්‍රෛමාසික වෘත්තීය පුහුණුවක් මෙන් ම මූලික යුධ හමුදා පුහුණුවක්ද කන්කසන්තුරයේදී ලබාදෙන ලදී.


    ඉතා ප්‍රෞඩ ඉතිහාසයක් සහිත ගෞරවනීය වෘත්තියක් වන යුධ හමුදා සේවයට එක්වීම විවිධ අන්තවාදී කොටස්වල බලපෑම් හේතුවෙන් කලක් උතුරේ තරුණ තරුණියන් හට සිහිනයක්ව පැවතිණි. එවකට යුධ හමුදා සේවයේ යෙදෙමින් සිටි බොහෝ හමුදා නිලධාරින් හට සේවය අත්හැර යෑමට හෝ රටින් පිටවීමට හෝ එම අවස්ථාවන් දෙකට ම මුහුණදීමට එම අන්තවාදී කොටස්වල තර්ජනයන් හේතු විය. සාමය උදාවීමත් සමඟ ම දක්‍ෂතා සහිත උතුරේ තරුණ තරුණියන් හට රැකියා ලබාදී ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් හා ඔවුන්ගේ දක්‍ෂතාවලට අතදී ඒ තුළින් තම ප‍්‍රදේශයටත් රටටත් සේවය කිරීමේ අවස්ථාව සලසාදීමේ අරමුණින් මෙන් ම ශී‍්‍ර ලංකා යුධ හමුදාව ශී‍්‍ර ලංකාවාසි සියලු ම ජන කොටස්වලින් සමන්විත ජාතික සංවිධානයක් කිරීමේ අභිලාශය ඇතිව රජය විසින් යුධ හමුදා සේවයට ඇතුළුවී ම සඳහා උතුරේ තරුණ තරුණියන් හට අවස්ථාව සලසා දෙන ලදි.


     ඒ අනුව වත්මන් යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ උපදෙස් මත උතුර ප‍්‍රදේශයේ සිදු කෙරෙන යුධ හමුදාවට බඳවා ගැනීම් යටතේ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් උදය පෙරේරා මහතාගේ මගපෙන්වීම යටතේ යාපනයෙන් බඳවාගත් පළමුවන කණ්ඩායම මෙය වේ. 


     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya