අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශගුණ විපර්යාස හා කෘෂිකර්මාන්තය ගැන ජාත්‍යන්තර වැඩමුළුවක් සැප්: 22 - 26

    සැප්තැම්බර් 17, 2014

    දේශගුණ විපර්යාස හා කෘෂිකර්මාන්තය, ඊට අනුවර්තනය වීම හා එහි බලපෑම් අවම කර ගැනීම මැයෙන් ජාත්‍යන්තර වැඩමුළුවක් සැප්තැම්බර් 22 සිට 26 දින දක්වා ගල්කිස්ස, "මවුන්ට් ලැවීනියා" හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.


    1962දී පිහිටුවා ගන්නා ලද ආසියා අප්‍රිකා ග්‍රාමීය සංවර්ධන සංවිධානය (AARDO) කලාපීය සමාජික රටවල් කිහිපයකින් සමන්විත අන්තර්ජාතික ස්වේච්ඡා සංවිධානයකි. 2013 ජනවාරි සිට ශ්‍රී ලංකාව ද මෙම සංවිධානයේ සාමාජිකත්වය දරයි. ඒ අනුව ආසියා අප්‍රිකා ග්‍රාමීය සංවර්ධන සංවිධානය මෙරට කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ එක් ව මෙය සංවිධානය කරනු ඇත.

    එම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වන්නේ කරුණු කාරණා ඉදිරිපත් කිරීම්, සාකච්ඡා කිරීම් හා අනාවරණ චාරිකා තුළින් දේශගුණ විපර්යාස හා එහි බලපෑම් පිළිබඳ ව සාමාජිකයන්ගේ දැනුම හා අවබෝධය පුළුල් කිරීමයි. දේශගුණ විපර්යාසවල බලපෑම් අවම කර ගැනීම සඳහා යෝග්‍ය කෘෂිකාර්මික ක්‍රම සමාලෝචනය කිරීම හා තක්සේරු කිරීම, ආහාර සුරක්ෂිතතාව කෙරෙහි දේශගුණ විපර්යාසවල බලපෑම් අවම කිරීම හා අනුවර්තන ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම, එහිලා මේ දක්වා ඇති එකි ක්‍රියාමාර්ගවල ප්‍රගතිය සමාලෝචනයට ලක් කිරීම මෙන් ම ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කිරීම යනාදී කාර්යයන් වේ.

    බංග්ලාදේශ්, මහජන චීන සමූහාණ්ඩුව, ඝානාව, ඉන්දියාව, ඉරාකය, ජෝර්දානය, ලෙබනනය, මැලේසියාව, මලාවි ජනරජය, නයිජීරියාව, ඕමානය, පකිස්තානය, ශ්‍රී ලංකාව, සූඩානය, යේමනය සහ සැම්බියාව යන රටවලින් නියෝජිත කණ්ඩායම් 17ක් මෙම වැඩමුළුවට සහභාගීවීමට නියමිතය. 

    ඊට අමතර ව ඉන්දියාව, සැම්බියාව, ශ්‍රී ලංකාව යන රටවලින් සම්පත් දායකයන් 05 දෙනෙක් ද සංවිධානයේ නිලධාරීන් 03 දෙනෙක්ද සහභාගි වනු ඇත. එහි සමාරම්භක උත්සවය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 22 ගල්කිස්ස, මවුන්ට් ලැවීනියා හෝටලයේදී පැවැත්වේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya