සිය දෙදින නිල සංචාරය නිමාවට පත් කරමින් චීන ජනාධිපති ෂී ජින්පින්ග් (H.E. Xi Jingping) මැතිතුමා අද (17) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන්තොටුපළින් සියරට බලා පිටත් විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ ගුවන් තොටුපළ විශේෂ පර්යන්තයට පිවිසි චීන ජනාධිපති ෂී ජින්පින්ග් මැතිතුමා හට අග්රාමාත්ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා ද එහිදී සුබ පැතුම් එක් කළේය. ECB