අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුල්ලිකුලම්හි අභිනව ප්‍රජා ශාලාවක් ඉදිකිරීම සඳහා නාවික හමුදා සහය Featured

    සැප්තැම්බර් 17, 2014

    නාවික හමුදාව සිදු කරන ප්‍රජා සංවර්ධන වැඩසටහන්වල තවත් එක් අංගයක් ලෙස මුල්ලිකුලමේ ඉදිකරනු ලබන ප්‍රජා ශාලාව සඳහා සහයෝගය ලබා දී ඇත. 


    මුල්ලිකුලම් ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ පොදු වැඩකටයුතු හා උත්සව සඳහා භාවිත කිරීමේ අරමුණ ඇති ව ඉදිකරනු ලැබූ මෙම ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කටයුතු වයඹ නාවික විධානය විසින් සිදුකරනු ලැබීය. 

     

    මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ගම්වාසීන් විසින් සපයා දෙනු ලැබීය. මෙසේ නාවික හමුදාව විසින් මුල්ලිකුලමේ ඉදිකරනු ලැබූ මෙම නව ප්‍රජා ශාලාව මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් පියතුමා විසින් පසුගිය සෙනසුරාදා විවෘත කරනු ලැබීය.

     

    නාවික හමුදාපතිවරයාගේ මගපෙන්වීම යටතේ වයඹ නාවික විධානය භාර ආඥාපතිවරයා විසින් මෙම ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කරන ලදී. යුද්ධය හේතුවෙන් මෙම ප්‍රදේශයෙන් තුරන් වී තිබූ ආගමික හා සමාජීය සහජීවනය නැවත ළඟා කරදීම සඳහා මෙවැනි ප්‍රජා සත්කාරක වැඩසටහන් ඉතා වැදගත් වේ. එසේ ම නාවික හමුදාව විසින් මෙම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර නැවත පදිංචිවූවන්ට වඩා හොඳ ජීවන මට්ටමක් සහිත ව ජීවත්වීමේ අවස්ථාව මෙමඟින් උදා වී ඇත.

    නැවත පදිංචිවූවන්ට නව ස්ථිර නිවාස ඉදිකරදී තිබෙන අතර නාවික හමුදාව මඟින් ධීවර කර්මාන්තය හා කෘෂිකර්මාන්තය මත පදනම් වූ මොවුන්ගේ එදිනෙදා ජීවන වෘත්තීන් කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසනු ලබයි. එසේම ධීවර කර්මාන්තයේ නිරත වී සිටින්නන් සඳහා ඔවුන්ට අවශ්‍ය ධීවර යාත්‍රා ද පරිත්‍යාග කරනු ලැබ ඇත.

    මුල්ලිකුලමේ සිටින බොහෝ පිරිසක් සිය ආගමික කටයුතු කරනු ලබන ඓතිහාසික සිද්ධස්ථානය ද මීට පෙර නාවික හමුදාව සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. එසේ ම ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මිදුණ මේ ප්‍රදේශයේ ජීවත්වන විවිධ ජාතීන්ට අ‍යත් ජනතාවගේ සිය ආගමික හා සමාජීය සහජීවනය ඇති කරලීම සඳහා අවශය සියලු පහසුකම් සලසමින් ඔවුන්ගේ ප්‍රධාන ආධ්‍යාත්මික මගපෙන්වන්නා ලෙස ද මේ වන විට නාවික හමුදාව ක්‍රියාකරයි.

     

    නාවික හමුදාව ආරම්භ කර ඇති විවිධ සමාජසේවා ව්‍යාපෘතීන්හි උපදේශිකාවන් හා ගුරුවරුන් ලෙස සේවය කිරීම සඳහා ප්‍රදේශයේ ජීවත්වන ද්‍රවිඩ සාමාජිකාවන් කීපදෙනෙකු ද බඳවා ගෙන ඇත. මේ වන විට ඔවුන් සිය පවුල්වලට ස්ථිර ආදායමක් ගෙන දෙන ස්ථිර වෘත්තිකයන් බවට පත් වී ඇත.

     

    වයඹ නාවික විධානයට අයත් ප්‍රදේශයේ නැවත පදිංචි වූ ජනතා‍වගේ සෞඛ්‍ය පහසුකම් නංවාලීම සඳහා නිතිපතා ක්ෂේත්‍ර වෛද්‍ය සායන පැවැත්වීම ද වයඹ නාවික විධානය විසින් සිදු කරනු ලබන අතර එමඟින් සෑම ආකාරයේ රෝගියෙකුට ම අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත හැකිය. මෙම සේවාව නොමිලේ සපයනු ලබයි.

     

    මෙම අවස්ථාව සඳහා වයඹ නාවික විධාන භාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ආනන්ද ගුරුගේ හා අණදෙන නිලධාරී බරණ, කපිතන් එච්.ඒ.පී. කල්දේරා යන මහත්වරු සහභාගී වූහ.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya