අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන ජනාධිපති ෂී ජින්පින්ග් මැතිතුමා සහ අගමැති අතර හමුවක් Featured

    සැප්තැම්බර් 17, 2014

    දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට සැපැත් වූ චීන ජනාධිපති ෂී ජින්පින්ග් මැතිතුමා සහ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා අතර හමුවක් අද (17) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී සිදු විය.


    මෙහිදී අග්‍රමාත්‍යවරයා එම උත්සව සභාව අමතමින් පැවසුවේ, “ශ්‍රී ලංකාව ආශ්චර්ය කරා යන ගමනේ දී චීනය දක්වන නොමසුරු සහයෝගය පිළිබඳ ව ශ්‍රී ලංකාවේ අප සැවොම ඉතාමත් සන්තෝෂයට පත් ව සිටිනවා. ඒ වගේ ම ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සහ කලාපීය සහයෝගීතාව පිළිබඳවත් චීනය දක්වන උනන්දුවට අපි ඉතාමත් අගය කර සිටිනවා. අවුරුදු 28කට පසු චීන රාජ්‍ය නායකයෙක් දිවයිනට සැපත් වූ මෙම අවස්ථාව ද්විපාර්ශ්වීය සබඳතා වැඩි දියුණු කර ගැනීමටත්, අන්‍යෝන්‍ය අවබෝධය වැඩි දියුණු කර ගැනීමටත් මෙය මහඟු අවස්ථාවක්. මට අවස්ථාවක් ලැබුණා චීනයේ ශ්‍රේෂ්ඨ නායක මාඕ සේතුං මැතිතුමා මුණ ගැසීමට 1961 අවුරුද්දේ දී. එය මගේ ජීවිතයේ මා ලැබූ භාග්‍යයක්. අවසාන වතාවට මා චීනයට ගියේ 2013 වසරේ චීනයේ පැවති දෙවන ආසියානු තරුණ ක්‍රීඩා සමුළුවට සහභාගි වීමටයි. 


    අප දෙරටේ මිතුදමේ සංකේතයක් වශයෙන් චීන රජය අපට ත්‍යාගයක් ලෙස බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ලබා දුන්නා. එදා මේ රටේ අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් සමඟ එදාත් මම චීනයට ගියා. එදා චීනයේ අග්‍රාමාත්‍යවරයාව සිටි චව් එන්ලායි (ZHOU ENLAI) මැතිතුමාගේ දෙවන ශ්‍රී ලංකා චාරිකාවේ දී බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට මුල්ගල තැබුවා.  ඒ මිතුදම අප දෙරට විසින් ඉතාමත් ශක්තිමත් ලෙස ගොඩනගා ගත්තා. මේ අවස්ථාවෙන් එය තව තවත් ශක්තිමත් වුණ බව මගේ හැඟීමයි. ගෙවී ගිය අවුරුදු හතක කාලය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන සහකරු වුණේ චීනයයි. ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ශක්තිමත් ද්විපාර්ශ්වීය සබඳතාවක් ගොඩනගා ගැනීමට අපට හැකි වුණා.  එය චීන මධ්‍යම රජය සමඟ පමණක් නොවෙයි, ප්‍රාන්ත රජය සමඟත් ගොඩ නගා ගත් අවබෝධයක්. මිතුදමක්. ජනාධිපතිතුමනි, ඔබතුමාගේ මේ ශ්‍රී ලංකා චාරිකාව, දේශපාලනික, ආර්ථික, වෙළඳ, සංචාරක යන ක්ෂේත්‍ර ගණනාවක සබඳතාවන් වැඩිදියුණු කර ගැනීමට මහඟු අවස්ථාවක් වූ බව මගේ හැඟීමයි. ජනාධිපතිතුමනි, එම ආර්යාවටත්, චීනයේ සිට පැමිණි සියලුම දෙනාටත් මාගේත් අප රජයේත් සුබ පැතුම් පිරිනමමි”.

    මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වන ඒ.එච්.එම්.ෆවුසි, අතාවුද සෙනෙවිරත්න, විදේශ කටයුතු  පිළිබඳ අමාත්‍ය ජී.එල්. පීරිස්, නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර, අග්‍රාමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ අනුරාධ ජයරත්න යන මහත්වරු සහභාගි වූහ.


    ECB

     

    pm-china2014

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya