මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තරායකාරී මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ව හමුදාව දැනුවත් කිරීමේ වැඩසටහනක් Featured

    සැප්තැම්බර් 15, 2014

    අන්තරායකාරී මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව සම්බන්ධයෙන් යුද හමුදා භට පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවැත්විණි.


    වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මත්ද්‍රව්‍ය තොරතුරු හා අධ්‍යාපන ඒකකයේ ( Drug Information and Educational Assistance Agency) චාමර ප්‍රදීප් කරුණාරත්න මහතා සහ තවත් මේ පිළිබඳ ප්‍රවීණයන් කිහිපදෙනෙකු විසින් මෙහිදී දේශන පවත්වමින් හමුදා භටයන් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී. 

    මෙම දේශකයන් විසින් මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම, විවිධ මත්ද්‍රව්‍ය වර්ග හඳුනාගැනීම, මේවා මනුෂ්‍ය ශරීරයට හා පුද්ගලයාගේ සෞඛ්‍යයට බලපාන අන්දම, මත්ද්‍රව්‍ය ජාවාරම හා එය රටේ ශීඝ්‍රයෙන් පැතිරී යන අන්දම හා ඒවා වැළැක්වීම ආදි මාතෘකාවන් ඔස්සේ හමුදා සාමාජිකයන් දැනුවත් කරන ලදී.

    මෙම වැඩමුළුව සඳහා යුද හමුදා නිලධාරීහු හා සෙසු නිලයන් විශාල සංඛ්‍යාවක් සහභාගී වූහ.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya