මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බිම් බෝම්බ ඉවත්කිරීමට බ්‍රිතාන්‍ය දායකත්වය පවුම් මිලියන 5 ඉක්මවයි

    සැප්තැම්බර් 15, 2014
    ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම් සඳහා බ්‍රිතාන්‍ය පවුම් මිලියන 
    5.1ක් ලබා දී ඇත. 
     
    බ්‍රිතාන්‍ය රජය, ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් පීඩා විඳි ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීමේ 
    ක්‍රියාවලිය සඳහා 2010 සිට 2014 දක්වා පවුම් මිලියන 3.5ක් "හේලෝ ට්‍රස්ට් " සංවිධානය වෙත ප්‍රදානය කිරීමෙන්, තම දායකත්වය සපයා ඇත. 
     
    තවත් පවුම් 1.6ක් 2014 ජූලි සිට මස 18ක කාලයක් සඳහා ප්‍රදානය කරන බවට 
    බ්‍රිතාන්‍ය රජය පසුගිය වසරේ නිවේදනය කළේය. 
     
    පසුගියදා උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කරන ප්‍රදේශයේ සංචාරයක නිරත වූ මෙරට 
    බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් මහතා සඳහන් කර සිටියේ එක්සත් රාජධානිය, 
    ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත්කිරීමේ ක්‍රියාවලියේ දී දීර්ඝ කාලීන ආධාරකරුවෙකු වන 
    බවය.
     
    බ්‍රිතාන්‍යයේ පිහිටි බිම් බෝම්බ ඉවත් කිරීමේ ආයතනයක් වන හෙලෝ ට්‍රස්ට් ආයතනය ශ්‍රී 
    ලංකාවේ ගැටුම් පැවති යාපනය කිලිනොච්චි හා මුලතිවු යන දිස්ත්‍රික්කයන්හි බිම් බෝම්බ 
    ඉවත් කිරීමේ කාර්යෙහි නිරත වී සිටී.
     
    මේ වන විට උතුරු හා නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක 8ක බිම් බෝම්බ ඉවත් කිරීමට 
    ඇත්තේ වර්ග කිලෝමීටර 80ක බිම් ප්‍රමාණයක පමණී.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya