පාසල් දරුවන් වෙත අවදානමක් සහිත කඩාවැටීමේ අනතුරකට ලක්වීමට ඉඩ තිබූ ඉතා පැරණි අත්හරින ලද පාසල් ගොඩනැගිල්ලක් ශ්‍රමදානයක් මඟින් කඩා ඉවත් කොට එහි ඉගෙනුම ලබන පාසල් දරුවන් අනතුරුදායක තත්ත්වයෙන් මුදවා ගැනීමට ගැමුණු හේවා රෙජිමේන්තුවේ 14 වැනි බලඇණියට සහ පාබල හමුදාවේ 11 වැනි බලඇණියට අයත් සෙබළුන් සමත් වූ බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
යාපනය ඉලවලෙයි කාන්තා විද්‍යාලයට අයත් ව තිබූ මෙම ගොඩනැගිල්ල වසර 140ක් පමණ පැරණි එකක් වූ අතර කඩාවැටීමට ආසන්නයේ පැවතුණි.
එම විදුහලේ විදුහල්පතිවරයා විසින් 513 වැනි බලසේනාවෙන් කරන ලද ඉල්ලීමක් පරිදි හමුදා සෙබළුන් විසින් ශ්‍රමදානයක් මඟින් පසුගියදා මෙම කටයුත්ත සිදුකරන ලදී.