මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් හමුදාපති 'මිහිඳු සෙත් මැඳුරේ' සංචාරයක Featured

    සැප්තැම්බර් 15, 2014
     
    රට කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී විවිධ අයුරින් ආබාධයන්ට ලක් වූ විරෝධාර රණ විරුවන් රැඳී සිටිනා 'මිහිඳු සෙත් මැඳුරේ' සංචාරයක ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා පසුගියදා නිරත විය.
     
    මෙම සංචාරය ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මියගේ පූර්ණ සංවිධානයෙන් පැවැත්වුණි.
     
    මෙහිදී මෙම සංචාරය වර්ණවත් කරමින් ගුවන් හමුදා සංගීත කණ්ඩායමේ හා නර්තන කණ්ඩායමේ ඉදිරිපත් කිරීම් රැසක් සිදු කෙරිණ. 
     
    මෙම අවස්ථාවට රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි එයාර් කොමඩෝර් පි.ඩි.කේ.ටි. ජයසිංහ, සේවා වනිතා ඒකකයේ සාමාජිකයන් හා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ සාමාජිකයන් රැසක් එක් වූහ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya