මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්නිදිග ආසියාතික රටවල මහ බැංකුවල නියෝජ්‍ය අධිපතිවරුන්ගේ වැඩමුළුවක් කොළඹ දී Featured

    සැප්තැම්බර් 14, 2014

    අග්නිදිග ආසියාතික බැංකුවල සහයයෝගීතාව ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුවේ සත්කාරකත්වයෙන් යුතු ව මූල්‍ය ස්ථායිතාව පිළිබඳ අග්නිදිග ආසියාතික මහ බැංකුවල නියෝජ්‍ය අධිපතිවරුන්ගේ පස්වන වාර්ෂික වැඩමුළුව සහ අග්නිදිග ආසියාතික මහ බැංකුවල නියෝජ්‍ය අධිපතිවරුන් සඳහා වූ ඉහළ මට්ටමේ සම්මණ්ත්‍රණය බ්‍රහස්පතින්දා (11) සහ සිකුරාදා (12 ) දිනවල කොළඹ මහබැංකු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

     

    “ආපදා ශක්‍යතාවන් මධ්‍යයේ කලාපීය මූල්‍ය ස්ථායිතාව පවත්වා ගැනීම” මෙම පස්වන අග්නිදිග ආසියාතික මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුවේ තේමාවයි.

     

    මෙම ඉහළ මට්ටමේ සමුළුවට මූල්‍ය පද්ධති ස්ථායිතාව භාර නියෝජ්‍ය අධිපතිවරුන් ඇතුළත් ව නියෝජිතයින් 60ක් පමණ බෲනායී, දාරුස්සලාම්, කාම්බෝජය, චීන තායිපේ , ඉන්දුනීසියාව, කොරියාව, ලාඕස් ජනරජය, මැකාවෝ, මැලේසියාව, නේපාලය, පකිස්තානය, පැපුවා නිව් ගිනියා, චීන මහජන සමූහාණ්ඩුව, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවලින් පැමිණ සිටියහ.

     

    මෙම ඉහළ පෙළේ සමුළුව තුළින් ආසියා-ශාන්තිකර කලාපයේ මූල්‍ය ස්ථායිතාව පිළිබඳ කරුණු සම්බන්ධයෙන් අදහස් හා අත්දැකීම් හුවමාරු කරගැනීමට සහභාගිවන්නන් හට අවස්ථාවක් ලබා දෙන ලදී.

     

    ක්‍රියාශීලී සැසිවාර සහ මණ්ඩල සාකච්ඡා තුළින් අවධානය යොමු කරන අනෙකුත් කරුණු අතර ආර්ථික තත්ත්වයන් පිළිබඳ වර්තමාන අදහස් සහ ගෝලීය හා ආසියානු ශාන්තිකර කලාපීය මූල්‍ය ස්ථායිතාවය, ප්‍රධාන වශයෙන් ප්‍රාග්ධන ප්‍රවාහ උච්ඡාවචන සහ පුද්ගලික අංශයේ ප්‍රසාරණය සැලකිල්ලට ගනිමින් ආසියා ශාන්තිකර කලාපයේ ඊළඟ මාස 12 – 18 අතර ඇති විය හැකි මූල්‍ය අස්ථායිතා මූලාශ්‍ර, ආසන්න කාලය තුළ විය හැකි අස්ථායිතා හෝ වර්තමාන තත්ත්වය පිළිබඳ තොරතුරු බෙදාහදා ගැනීම තුළින් පැනනැඟෙන කැළඹිලිකාර තත්ත්වයන් මත වූ අර්බුද සඳහා කලාපය තුළ සූදානම් විය යුතු යටිතල ව්‍යූහයන්, නෛතික බලයන් හා තීරණ ගැනීමේ ආධිපතය සහ සර්ව විචක්ෂණ අවදානම් සහ පාලනයන් සාකච්ඡාවට බඳුන්විය.‍

     

    මෙම සම්මන්ත්‍රණයට ආසියාතික සාර්ව ආර්ථික පර්යේෂණ කාර්යාලයෙන් (AMRO), ජාත්‍යන්තර පියවීම් බැංකුවෙන් (BIS) හා අග්නිදිග ආසියාතික මධ්‍යම බැංකු මධ්‍යස්ථානයෙන් සහ කලාපයේ මූල්‍ය අධිකාරීන්ගෙන් විශාරද සම්පත් දායකත්වය ලැබිණි.
     

    සම්මන්ත්‍රණයෙන් අනතුරු ව මූල්‍ය ස්ථායිතාව කළමනාකරණය පිළිබඳ ව කලාපීය සහ අග්නිදිග ආසියාතික මධ්‍යම බැංකු කේන්ද්‍රස්ථානයේ මූල්‍ය ස්ථායිතාව හා අධීක්ෂණය පිළිබඳ අධ්‍යයන සහ පර්යේෂණ කටයුතුවලට අදාළ කරුණු සම්බන්ධයෙන් තවදුරටත් විශේෂ සාකච්ඡා වට කිහිපයක් මූල්‍ය ස්ථායිතාව සහ අධීක්ෂණය භාර ව සිටින අග්නිදිග ආසියාතික මධ්‍ය බැංකුවල  නියෝජ්‍ය අධිපතිවරු විසින් පවත්වනු ලැබූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya