මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පැ.කි.මී. 50-60 දක්වා තද සුළං Featured

    සැප්තැම්බර් 15, 2014

    අද (15) දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර  බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල වැසි  වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    දිවයින පුරා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට විටින් විට පැ. කි. මී. 50-60 දක්වා තරමක තද සුළං ඇති විය  හැක.


    අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    නුවරඑළිය, මහනුවර, රත්නපුරය, ගාල්ල සහ කොළඹට වරින්වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    අනුරාධපුරය හා යාපනයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැස්සක් ඇති විය හැක.


    ත්‍රිකුණාමලයට හා මඩකළපුවට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    මන්නාරමට හා ප්‍රධාන වශයෙන් වැසි නොමැත.  


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 61.4ක් වර්ෂාපතනයක් රත්නපුරින් ද මි.මී. 16.7ක වර්ෂාපතනයක් හම්බන්තොටින් ද‍  මි.මී. 13.4ක වර්ෂාපතනයක් කොළඹින් ද‍  මි.මී. 11.3ක වර්ෂාපතනයක් මත්තලින් ද‍ වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.°C ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya