මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයි.එස්. ත්‍රස්තවාදය පාලනය නොකළහොත් ලෝක යුද්ධය වැඩි ඈතක නොවේ Featured

    සැප්තැම්බර් 14, 2014

    අද වනවිට ලෝකයේ රටවල් 80ක් පමණ අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ සටන් කරයි. මේ සඳහා ඍජු ව හා වක්‍ර ව ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍ය වගකිව යුතු බව ඇමති චම්පික රණවක ඊයේ (13) අයිසිස් ත්‍රස්තවාදය පිළිබඳව සිදුකළ කතිකාවතෙහිදී අනාවරණය කළේය.

     

    නට්සි විසින් ජර්මනිය මර්ධනය කළා සේ ම අනුකම්පා විරහිත ව ලෝකයේ අයිසිස් ත්‍රස්තවාදීන් මර්ධනය කළ යුතු බවත්, එසේ නොකළහොත් ලෝකයේ සෑම ගමකම, නගරයක ම වහාබ් අන්තවාදීන් තුවක්කුව අතටගෙන අරඹන ලෝක යුද්ධය වැඩි ඈතක නොවන බවත් ඇමති චම්පික පවසයි.

     

    ඊශ්‍රයාලයේ හා නයිජීරියාවේ බෝකෝහරාම්, ඇෆ්ඝනිස්තානයේ තලෙයිබාන්, ඉරාකයේ අයිසිස්, මැලේසියාවේ හා ඉන්දුනීසියාවේ ජමිය ඉස්ලමීය, ඉන්දියාවේ ලක්ෂායි ටොයිබා වැනි ත්‍රස්තවාදී කල්ලි මෙන් ම සුඩානය හා සිරියාව වැනි රටවල් අරාජික කිරීමට වහබ්වාදය පිළිගන්නා අන්තවාදී මුස්ලිම් මූලධර්මවාදීන් ලෝකය පුරා කටයුතු කරයි.
     

    එහෙත් ඇතැමෙක් පවසන්නේ ඊශ්‍රයාලය හේතුවෙන් ත්‍රස්තවාදය ගොඩනැගීම සහ පැවතීම සිදුවන බවයි. එය එසේ නොවන අතර ඇමෙරිකාව සහ එංගලන්තය වැනි රටවල් තමන්ගේ ආර්ථීක සහ දේශපාලනික අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් එක් එක් රටවල් අරාජික කිරීම සඳහා එම රටවල ම විවිධ කණ්ඩායම් වෙත ආයුධ සැපයීමෙන් එම තත්ත්වය සිදුවෙයි.
     

    ඉරාකයේ බාත් සමාජවාදී පක්ෂය දියකර සදාම් හුසේන් අඩපණ කොට ඉරාකයේ තෙල් සම්පත ලබාගැනීමට ඇමෙරිකාව එම රටේ වෙනත් කණ්ඩායම් සන්නද්ධ කිරීමෙන් අද සිදු වී ඇත්තේ එම කල්ලි කණ්ඩායම් වෙත බෝම්බ ප්‍රහාර එල්ල කිරීමයි. මෙය අතිශය භයානක ඉරණමක් උදාකර දෙන ක්‍රියාවලියක් බවට දැන් පත් වී හමාරය.
     

    අද වනවිට අන්තර්ජාලයෙන් වැඩි ප්‍රයෝජනයක් ලබාගන්නේ ත්‍රස්ත කණ්ඩායම් බවත්, ඒ සඳහා ලොව පුරා මිලියන 100ක් කටයුතු කරන බවත් ඇමති චම්පික පෙන්වා දෙයි.
     

    ඕනෑ ම රටක පැවතිය යුත්තේ එක නීතියක් පමණි. ඇඳුම පැළඳුමෙන්, සමාජ චර්යාවන්ගෙන්, ආර්ථීක රටාවන්ගෙන් යම් හෝ කණ්ඩායමක් වෙන්වීමට උත්සාහ කරනවා නම් එය සමාජ ඛෙදුම්වාදයේ ආරම්භය බවද හෙතෙම පවසයි.
     

    එක ගමක, එක නගරයක සිදුවන එය සමස්ත ලෝකයේ ම සංවිධානාත්මක ව ජාලයක් ලෙස ක්‍රියාත්මක වීමෙන්  අවදානමක් සේ ම, ව්‍යසනකාරී තත්ත්වයක් ඇතිවීමේ පැහැදිලි තත්ත්වයක් උද්ගතවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි. මෙම තත්ත්වය නිවැරදිව අවබෝධකරගෙන කටයුතු කිරීම මධ්‍යස්ථ මුස්ලිම් ජනයාගේ වගකීම වියයුතු බව ද ඔහු පෙන්වා දෙයි.
     

    අද වනවිට ලංකාවේ බැංකු ක්‍රමය පාලනය කරන මූල්‍ය මණ්ඩලය මඟින් ශ්‍රී ලංකාවේ බැංකු 08ක ශරියා නීතියට අනුව බැංකු කටයුතු කිරීමට අවසර ලබා දී තිබේ. ඒ අතර රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව ද පවතී. මෙය රටේ සැමට පොදු යැයි පවසන නීතිය ද අභියෝගයට ලක්කිරීමක් බවත්, එවන් තීරණයක් ගැනීමට මූල්‍ය මණ්ඩලයට කිසිදු බලයක් නොමැති බවත් චම්පික රණවක පෙන්වා දෙයි.
     

    මෙම සෑම ක්‍රියාවකින් ම සිදුවන්නේ සිංහල දෙමළ ක්‍රිස්තියානි හා මුස්ලිම් ජනයා වර්ගකොට එක් එක් ජනවර්ගයාගෙන් බෙදා වෙන් කිරීම පමණි. එවන් තත්ත්වයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය නොමැති අතර අතීතයේ සිට පැවත එන සුහදත්වය සහ සංස්කෘතිය රැකගෙන රටේ පවතින එක පොදු නීතියකට අනුව කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටී.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya